අගමැතිගේ උපදෙසින් වයඹ ඇල ව්‍යාපෘතිය කඩිනම් කරයි
යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි වයඹ පළාතේ ගොවිබිම් හෙක්ටයාර් 12500ක් පෝෂණය කෙරෙන වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) උපදෙස් දුන්නේය.
මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.
කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැති ජනතා හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව, ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදී. ඊට සමගාමීව සියඹලන්ගමුව සපිරි ධීවර සමිතියේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළහ.
වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ කුඩා වැව් 350ක් සහ මහ වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතව ඇති අතර, හක්වටුණා ජලාශය යටතේ හෙක්ටයාර් 2500ක්, මී ඔය ජලාධාර පද්ධතියේ හෙක්ටයාර් 3500ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර් 12500ක් අස්වැද්දීමට නියමිතය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම ඔස්සේ මෙතෙක් මහ කන්නයට පමණක් සීමා වී තිබූ වගා කටයුතු යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි ජලය බෙදා හැරීම සිදුවේ. උග්‍ර පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමෙන් වකුගඩු ගැටලුවට පිළියමක් ලැබීම, නව රැකියා උත්පාදනය, අලි-මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු ව්‍යාපෘති වාසි රැසක් මෙම වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට ඇතුළත්ය.

popular news
- 
                            Sadin Bayiya Sunday, 23 August 2020 01:58 AM Kphomath dan wenne eka bawa peni peni thiyenawa. Gota bayayi saubagyaye dakmayi dekama board lallata pamanak wenawa, parana show eka thama continue wenne with minor variations. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                