ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38 ක් බර රන්තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා එය පූජා කළ බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඉන්දියාවේ දී මිය ගිය අංගොඩ ලොක්කාගේ බිරිඳ ඊයේ (8) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය හයකට අධික කාලයක් ප්රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
2019 වසරේ ජූලි මස මෙම රන්තැටිය අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඓතිහාසික කතරගම රෝස මා දේවාලයට පූජා කර තිබිණි
මීට සති තුනකට පමණ ඉහත දී එම රන් තැටිය අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිස්පති විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කර තිබිණි
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී වරයෙකු ගේ ප්රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කළ කීප දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබිණි