ලබන මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඊයේ (19දා) ලග්ගල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපේ ආණ්ඩුව මේ රටේ සෑම ක්ෂේත්රයකටම එක වගේ සැළකුවා. රාජ්‍ය සේවක වැටුප වැඩිකළා, විශ්‍රාම වැටුප වැඩි කළා. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළා. ජනතාවට නිදහස ලබාදුන්නා. දුප්පත් ජනතාවගේ සුභ සාධනය ඉහළ නැංවූවා. දුප්පත් ජනතාවගේ සමෘද්ධි දීමනාව දෙගුණ කළා. වී සහ කිරි වලට සහතික මිල ලබාදූන්නා.
වගා ණය කපා හැරියා. සෞඛ්‍ය සේවාවේ විශාල වැඩකොටසක් කළා. ජනතාවගේ නිරෝගීභාවය සදහා. ඖෂධ මිල අඩු කළා. පිළිකා රොගී ප්‍රතිකාර සීමාවන් ඉවත් කළා. ගිය ආණ්ඩුව මුදල් වියදම් කළේ නෑ මේවාට. අපි වියදම් කරලා ජනතාව බේරා ගත්තා. අපි අක්ෂි කාච, ස්ටෙන්ස් නොමිලේ ලබාදුන්නා. ලබන මාසයේ සිට අපි සවස 4.00 න් පසුත් අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා.
එම සේවා සපයන වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩල වලට ඒ් සඳහා අපි ගෙවීමක් කරනවා. දැනට වෛද්‍යවරු 20 දෙනෙක් කැමැත්ත පළ කරලා තිබෙනවා පස්වරු 4.00 න් පසු රෝහල්වල ශල්‍යාගාර විවෘත කර එම කටයතු සිදු කිරීමට. එතකොට දැනට සිදු කරන ලක්ෂයක් පමණ වන අක්ෂි සැත්කම් ප්‍රමාණය දෙලක්ෂය ඉක්මවා යන්න පුළුවන් අපට.
ධනපති පන්තිට පමණක් තිබුණ ප්‍රතිකාර සියල්ල අපි රජයේ රෝහල්වල දුප්පත් මිනිසුන්ට ආරම්භ කර ලබාදුන්නා. අද පෙණහැල්ල අරෙන්න සියළු බද්ධ කිරීම් කටයුතු සිදු කරනවා. පෙනහළු බද්ධ කිරීමත් මාසයක් යන්න පෙර ආරම්භ කරනවා. ඖෂධ මිල අඩු කිරීම නිසා මහජනතාවට අවුරුද්දකට ඇති ලාභය මිලියන 4400 යි.
පිළිකා ඖෂධ මිල අඩු කිරීමෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 1750 ක ලාභයක් තිබෙනවා. මේ මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ වර්ග 30 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කරනවා. අපි ලග්ගල රෝහල මීට වඩා උසස් රෝහලක් බවට පත්කිරීමට අපි තීරණය කර තිබෙනවා.”
