Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා
2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා
විශ්‍රාමිකයන් ඊයේ (09දා) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණි. ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ දිනයක් හෙයින් ඇතිවූ වාහන තදබදය හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත මන්ත්‍රිවරු අපහසුතාවට පත්ව තිබුණි.
මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද විය. අවසානයේදී ඔහු පාර්ලිමේන්තුවට යෑම සඳහා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් නවත්වාගෙන එයින් ගමන් කරන්නට විය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඇතැම්විට හිස් ආවරණයක් (හෙල්මටයක්) සොයාගැනීමට නොහැකි වූ නිසාදෝ අමාත්‍යවරයා යතුරුපැදියේ ගමන් ගත්තේ හිස්වැස්මක් නොමැතිවය.
හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියක ගමන් කිරිම වරදක් වන අතර ඒ සඳහා දඬය රුපියල් 1000කි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් හුවමාරුවන අතර ඔවුන් විමසා සිටින්නේ අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක නොවන්නේද යන්නයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයාට එම දඬ පැනවීමට නම් පොලීසිය විසින් ඔහුව නවතාලිය යුතු වෙයි. එවැන්නක්ද සිදු වී නොතිබුණ.
යහපාලනයේ ප්රමුඛ අංගයක් වන්නේ නීතියේ ආධිපත්‍යයි. එය කාටත් එක සමාන විය යුතුය. අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට යෑමට බලවත් අවශ්‍යතාවක් තිබුණ හෙයින් ඔහු විකල්පයක් තෝරාගත්තද එය භාවිත කිරීම නීතියට අනුගත විය යුතුය යන්න බොහෝ දෙනෙකුගේ අදහසයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමන්ට පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ තුනකට පිළිතුරු දීමට තිබූ හෙයින් යතුරුපැදියකින් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.
popular news
සඳුන් Wednesday, 10 October 2018 01:56 PM
#ඩ ෂෝ කියන්නෙ මේවා .... ජනතාව වෙනුවෙන් කරන්න වැඩ සෑහෙන තිබෙනවා. මොකටද ඔය සුපිරි වාහන ? මෝටර් බයික් ටිකක් ගත්තනම් හරිනෙ ජනතා සේවෙට.
Reply : 1 2
saman Wednesday, 10 October 2018 01:57 PM
මේ මොනවද දොඩවන්නේ. අනේ අද ඔබ මේ තරම් පහලට බහින්න එපා. සමාජ අඩවි වල යම් යම් දේ පලවුන පලියට ඔබලා එතරම් පහලට බහින්න එපා. ඊයේ පාර්ලිමේන්තුව අසල තිබු තත්වය සලකා මෙවැනි දෙයක් කාරියවසම් මහතා කල පලියට මෙතරම් ප්‍රසිද්දියක් දෙන්නේ කුමක් අරබයාද? හිස් පළඳනාවක් නැතිව ගමන් කිරීම වරදක් වුනත් avasthava අනුව ඔහු කටයුතු අකාරය අගය කල යුතුයි නේද. දඩයක් ගහනවානම් den කරන්න පුළුවන්, නීතියෙන් ඉඩක් තියෙනවනම්.
Reply : 28 18
masuran Wednesday, 10 October 2018 03:52 PM
සමන් ද දන්නේ නැහැ යතුරු පැදිය පදවාගෙන යන්නේ. අකිලනම් පුදුම ආතල් එකක් ගන්ට ඇති.
Reply : 0 0
Champa Wednesday, 10 October 2018 02:21 PM
ඔව් මමත් මේක කියනවා දැක්ක පාර්ලිමේන්තුවේ. හැබැයි අකිලට දඩයක් ගහන්න ඕනේ හෙල්මට් නැතුව ගියාට. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා නම් පාරේ traffic බව හොඳටම දන්නවා නම් වේලාසන එන්න දැනගන්න ඕනේ. හෙල්මට් නිතිය කාටත් එකයි. නීතිය ගරු කරනවා නම් සහ රටේ නීතිය සැමට එක නම්, අකිල මේ දඩේ ගෙවන්න. අනිත් එක අකිල මේ කරපු වැඩේ වැරදියි. හදිසියේ වත් මේ බයික් එක මොක්කක් හරි හැප්පිලා වැටුන නම් හරි මෙයාට අනතුරක් වුනා නම් හරි හිරේ හන්නේ අකිල නෙමෙයි මේ බයික් එකේ අයිතිකාරයා. දැන් සිරි ලංකා පොලිසිය දඩේ ගහයිද දන්නේ නැහැ බයික් එකේ අයිතිකාරයට හෙල්මට් නැති මිනිහෙක් එක්ක ගියා කියල.
Reply : 3 11
hemantha Thursday, 11 October 2018 05:20 PM
චම්පා කොහොමත් අදහස් දාන්නේ පාට කන්නාඩියෙන් බලලානේ.
Reply : 0 0
lankaboy Wednesday, 10 October 2018 04:21 PM
හෙල්මට් දාගෙන ගියාම ඔය පොටෝ එක යනවෑ...
Reply : 2 0
chandana Wednesday, 10 October 2018 04:28 PM
පට කන්නාඩියෙන් බලන එක නැතුව මෙහි ඇති යථාර්තය ගැන උනන්දු වන්න , මොහුට ත්රෆ්ෆික් නිසා එන්න බැරි නිසා උතුකම හැටියට කොහම හරි ආවනේ , තවත් එකක් ඔලුව ඉදිමිච්ච ඇමති වරු ට වේදියා මොටෝ බිච්ය්කලෙක පිටිපස්සේ යන්න තරම් නිහතමි වීම අගය කල uthui, දැන් ත්රෆ්ෆික් නම් සිරෙන් ගහගෙන අනිත් පැත්තෙන් එගිලෙන යට වැඩ අගය කලුතු වැදගත් කමක් මෙහි තිබේ
Reply : 0 6
රජින්ද Sunday, 14 October 2018 03:37 PM
හෙල්මට් දාන්න ඕනේ ඔලුවක් තියෙන මිනිස්සු ඔලුව බේරා ගන්නයි. ඔලුව නැති අයට හෙල්මට් ඕනේ නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd