අකුරණ කොවිඩ් රෝගියා බිරිඳ හා දරුවන් දෙදෙනා මහනුවර රෝහලට
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුහු මේ වන විට කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින් ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කොට ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වන විට වයිරසය පැතිරීමේ තරමක අවධානම් ස්වභාවයක් පවතින බැවින් , ඊට ගොදුරුව ඇති බවට සැකයක් පවතින කිසියම් පුද්ගලයකු සිටින බව දැනගත් විගස පොලීසියට හෝ ළඟම ඇති රෝහලට වහා දන්වන්නැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
නිස්තාර් නැමැත්තා ඉකුත් දින කිහිපය තුල ඇසුරු කළ සියළුම පුද්ගලයින් ජීවිත අවධානම පිළිබදව අවධානය යොමු කොට වහාම ස්වයං නිරෝධායනයට යොමු වීමට හෝ වහා රෝහල වෙත යොමුවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා දැනුම් දීමක් කළේය.
චමිල් රූපසිංහ
popular news
-
Amar Sunday, 29 March 2020 05:23 PM
Roginge nam sadahan kirimata awashyai nam siyalu roginge nam sadahan karanna. Muslim u pamanin a bawa huwa dakwa jathiwaadi nowanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

