අක්මීමන මන්ත්‍රී සංඝ්යාවහන්සේට මුඛ ආවරණ මසයි
කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මහා සංඝයා වහන්සේ සඳහාම විශේෂවූ මුඛ ආවරණ නිපදවීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පියවර ගෙන තිබේ.
අක්මීමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන රජිත ගුණසේකර මහතා සිය පවුලේ සහෝදරියන් කිහිප දෙනකු හා එක්ව මෙම මුඛ ආවරණ සාදා ප්‍රදේශයේ විහාරස්ථානවලට පුජා කරනු ලබයි.
සිවුරේ පාටටම ගැලපෙන ලෙස සාදනු ලබන මෙම මුඛ ආවරණ නැවත නැවත සෝදා ප්‍රයෝජනයට ගත හැකි බව රජිත ගුණසේකර මහතා කියයි.
මේ වනවිට ප්‍රදේශයේ විහාරස්ථාන රැසකට මෙම මුඛ ආවරණ පුජා කර ඇත.
ඉදිරියේදී මහජනතාවට ද නොමිලයේම මුඛ ආවරණ ලබා දීමට කටයුතු කරන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රජිත ගුණසේකර මහතා වැඩිදුරටත් පවසයි.
රවීන්ද්‍ර ලියනගේ



popular news
-
Lion Sunday, 22 March 2020 06:30 PM
රැවටෙන්න Epa කොල්ල දැනටම election Wada
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

