අක්මීමණ ප්‍රා.සභා මන්ත්‍රීවරු පොල්පිති හා කඩු ගෙන සභාවට එයි
අක්මිමණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි දර්ශන නිල්කුමාර මහතා අද (21) පැවති අක්මිමණ ප්‍රාදේශිය සභා මාසික රැස්විම සඳහා කඩුවක් රැගෙන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියේය.
මන්ත්‍රිවරයා සභා ගර්භයට පැමිණ කඩුව පෙන්වමින් තණ කොළ කපන්න කඩු අවශ්‍ය බව ඇමතිවරයකු කියා ඇති බව පැවසිය.
එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු කළු පැහැති කමිසවලින් සැරසි සභාවට පැමිණියහ. එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු අගමැති හා ජනපති යනුවෙන් සඳහන් පුවරු දෙකක් පොල්පිති දෙකක එල්ලාගෙන සභාවට රැගෙන එනු ලැබිය.
එම පුවරු ඇතුලත් පොල්පිති දෙක සභා ගර්භය තුල තබනු ලැබිය. එමෙන්ම මංගල සමරවිර ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාව බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයද හෙලා දකිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු කථා කළහ.
එමෙන්ම පාස්කු ඉරිදා වු ත්‍රස්තවාදි ප්‍රහාරය හෙලා දැකිමේ යෝජනාවක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි සංජිව් සම්පත් මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ අතර එම ප්‍රහාරය හෙලා දකිමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අදහස් දක්වනු ලැබිය.
ප්‍රාදේශිය සභා රැස්විම අක්මිමණ ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා රැස්විමේ දි පැවැත්විණි.


-
shan Tuesday, 21 May 2019 01:16 PM
ශ්‍රිලංකාවේ නුගත් පුත්තලම් බුරුවන්ගේ දේසපාලනය මෙමගින් හොදට පිලිබිබුවේ
Reply : 0 53
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
