ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් බවට සැක කරන රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
පස් ප්‍රවාහනය සදහා මෙම ටිපර් රථ යොදා ගන්නට ඇතැයි පොලිසිය කියයි
මෙම ටිපර් රථ අංගොඩ ලොක්කාගේ බිරිදගේ, සහෝදරියකගේ හා ඩුබායි රටට පළාගොස් සිටින සමීපතම ගෝලයෙකුගේ නමින් ලියාපදිංචි කර ඇතැයි සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
මීට වසර කිහිපයකට පෙර ප්‍රවාහනය කරන පස් ලොරියකින් රුපියල් 3000 බැගින් කප්පම් ලබා ගත් අංගොඩ ලොක්කා ඔහුගේම ටිපර් රථ යොදවා පස් ප්‍රවාහන ව්‍යාපාරය ද මැර බල යොදවා සියතට ගෙන තිබූ බව පොලිසිය කියයි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
