saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

breaking-news - timelapse 9553 hours ago

LATEST

බහුදින ධීවර යාත්‍රා සදහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

calendar_today 2020 අප්‍රේ 03 - 13:21 remove_red_eye - 264  

බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්‍රදානය කර තිබේ.

Read More

විදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

Read More

(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.

Read More

නව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ

Read More

නිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ‍ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.

Read More

මේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.

Read More

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

Read More

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.

Read More

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

Read More

මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි.

Read More

ඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇති බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සහතික වෙයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ. ‍

Read More

ඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

නාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.

Read More

කොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

Read More

කොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධානමක් ඉදිරි සති කීපයේදී මතුවිය හැකි බව තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

Read More

කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.

Read More

කොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.