මැයි අවසන් සතියේදීත් මැතිවරණය බෑ - මාස තුනකින් පාර්ලිමේන්තුව රැස්කරන්නත් බෑ - මැකො
පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය මැයි අවසන් සතියේදීත් පැවැත්විය නොහැකි බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද මාර්තු 02 දා සිට මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවට ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂම නිරීක්ෂණය කළ බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට යොමුකළ ලිපියක දැක්වෙයි.
මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි. මෙම ලිපියේ ආරම්භයේදී ‘හදිසියි’ යනුවෙන්ද සඳහන් කර තිබේ.
ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු මස 2 වනදා වන අතර එතැන් සිට මාස තුනක් ඉක්ම යාමට මත්තෙන් නව පාර්ලිමේන්තුව රැස්කළ යුතු වෙයි. කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණය කල් දමා ඇති අතර එය පවත්වන නිශ්චිත දිනයක්ද තවමත් තීරණය කර නොමැත. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකින් නව පාර්ලිමේන්තුව රැස්කළ නොහැකි බැවින් නීතිමය ගැටලුවක් පැන නැගීතිබේ.

popular news
-
ගමරාල Friday, 03 April 2020 06:54 AM
පාර්ලිමේන්තු කාලය මාස හයක් තිබියදී විසුරුවා ඇති නිසා එහි කාලය තවත් තියෙනවා.කලයුතු වන්නේ නැවත පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් එක අවලංගුකර පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි.2020.03.02 දින පාර්ලිමේන්තුව විසිරවීමෙන් ගැටළු ඇතිවිය හැකි බව සමහර ජ්‍යොතිෂවේදීන්ගේ අදහසවී තිබුනා යයි අසන්නට ලැබුනා (අදහස් ඉදිරිපත් කිරීමට කිව්වත් මෙම පුවත්පතේ අදහස් පලකිරීම් දක්නට නැහැ)
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

