saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8429 hours ago

LATEST

නව කොවිඩ් ප්‍රභේදය පවතින එන්නත්වලින් පාලනය වේවිලු

calendar_today 2020 දෙසැ 21 - 07:35 remove_red_eye - 581  

එක්සත් ජනපද එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් ප්‍රධානී පවසන්නේ, මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 හි නව ප්‍රභේදයට දැනට පවතින එන්නත්ම ඵලදායී වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ නව ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්‍රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ්-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන්ද හමුවී ඇති බවය.

Read More

’’කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.’’ WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කරයි.

Read More

මොඩෙර්නා කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවේ නිර්දේශය එහි අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පිළිගනී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,760,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

’’මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආවරණයක් පැලඳීමේ පොදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අපට අතහැර දැමිය නොහැකියි.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

’’මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි වේදනාවකින් යුතුවයි.’’ අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහිව එන්නත ලබා ගැනීමට පෙර, තම සෞඛ්‍ය සේවා සැපයුම්කරුගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් එන්නත්වලට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා ඇති පුද්ගලයන්ට උපදෙස් දුන්නේය.

Read More

ඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව ඇති අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.

Read More

චීනයේ දැනට සමාගම් 4ක කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයන් 5 දෙනෙකු සිටින අතර ඔවුන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් කරා ළඟා වී තිබේ. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, නියාමනයෙන් පසු ඔවුන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.

Read More

CDC අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මෙම සති අන්තයේ කමිටුවේ නිර්දේශය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ෆයිසර් එන්නතට පසුව, මෙඩොර්නා එන්නතද එක්සත් ජනපදය තුළ බෙදාහැරීම සිදුවනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,000,000ක පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ශ්‍රී ලංකාවද මේ වනවිට WHO වෙතින් එන්නත් ඉල්ලා ඇති අතර, බොහෝවිට එයද ලබන වසර මුල් භාගයේ ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් සියලුම බෙදාහැරීම්, එන්නත් නියාමන අනුමත කිරීම් සහ අදාළ රටෙහි සූදානම වැනි සාධක කිහිපයක් මත අඛණ්ඩව රඳා පවතිනු ඇති බව WHO කියයි.

Read More

වසංගතයේ දෙවැනි රැල්ලට මුහුණ දීමේදී සාමාජික රටවල් අතර එක්සත්කම පිළිබිඹු කරමින්, සාමාජික රටවල් 27ම එදිනම එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවද යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කළාය.

Read More

දකුණු කේරළ ප්‍රාන්තය සති අන්තයේ නිවේදනය කළේ ප්‍රාන්තයේ සියලු ජනතාවටම කොවිඩ්-19 එන්නත නොමිලේ ලබාදෙන බවත් එන්නත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත්ය.

Read More

සිකුරාදා වනවිට තහවුරු කරන ලද කොවිඩ් -19 සිද්ධීන් 28 ක් සහිත පොකුර, දෙසැම්බර් 3න් පසු නිව් සවුත් වේල්ස් හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් ලෙස සලකුණු විය.

Read More

අගමැති ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 27දා දක්වා කාලය තුළත්, දෙසැම්බර් 31 සහ ජනවාරි 1 සිට 6 දක්වා දිනවලත් තුළ මුළු රටම වෛරස් රතු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවය.

Read More

මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්යාපව 75,500,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.

Read More

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ ලබාගන්නා බව ධවල මන්දිරය කියයි.

Read More

’’දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්’’ හිල්ඩ්‍රෙත් පැවසීය. ’’වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා.’’ FDA උපදේශක කමිටු සාමාජික වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේදී චීනය තාක්‍ෂණික ප්‍රවේශයන් පහක් අනුගමනය කර ඇති අතර, එන්නත් 15ක් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එන්නත් 5ක්ම අදියර 3 සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් අවසන් අදියරට පැමිණ තිබේ.

Read More

මොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරය ලැබුණොත්, ඔබ බලාපොරොත්තු වන පරිදි දෙසැම්බර් අවසානය වනවිට මිලියන 20ක ජනතාවක් සඳහා මාත්‍රාවන් මිලියන 40ක් පරිපාලනය කිරීමට හැකි වනු ඇති බව වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෙවීගිය බදාදා නව මරණ 936ක් බ්‍රසීලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිල වශයෙන් සමස්ත මරණ 183,735ක් බ්‍රසීලය වාර්තා කර ඇති බ්‍රසීලය ලෝකයේ දෙවැනි ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය දරන රටයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.