ඉන්දියාවේ දුක්ඛිත තත්ත්වය හද කම්පා කරවනසුලු තත්ත්වයක් යැයි ටෙඩ්‍රෝස් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්සිජන් සාන්ද්‍රක දහස් ගණනක්, පෙර සැකසූ ජංගම ක්ෂේත්‍ර රෝහල් සහ රසායනාගාර සැපයුම් ඇතුළු තීරණාත්මක උපකරණ සහ සැපයුම් ඉන්දියාව වෙත සපයන බවද සඳහන් කළේය.
’’මෙම සතිය අවසන් වීමට පෙර සීනොෆාම් ගැන තීරණයක් ගනු ඇතැයි අප අපේක්ෂා කරනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිකාර, එන්නත් සහ ඖෂධ ප්‍රවේශය සඳහා සහකාර අධ්‍යක්ෂ ජනරාල් මාරියන්ජෙලා සිමාවෝ පැවසීය. මැයි 3දා සිට සමාලෝචනයට භාජනය වන සීනොවැක් (කොරෝනාවැක්) පිළිබඳ තීරණය ලබන සතිය අවසන් වනවිට ලැබෙනු ඇති බවද ඇය පැවසුවාය.
Read More’’ආසාදන පාලනයකින් තොරව ක්‍රියාත්මක වනවිට සහ වෙනත් රටවල ඉහළ අගයන් යටතේ ආසාදිතයන් වර්ධනය වනවිට එයින් අදහස් වන්නේ ප්‍රභේදයන් වර්ධනය වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. ලෝකයේ වෙනත් රටවල පාලනයකින් තොරව වෛරසය පැතිරීම සිදුවුවහොත් කිසිදු රටක් අවසානයේදී ආරක්ෂිත නොවනු ඇති.’’ එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය විවේක් මූර්ති කියයි.
Read Moreකොවිඩ්-19 වසංගතය ගෝලීය අභියෝගයක් බවත්, සියලු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, කොවිඩ්-19 එන්නත් බෙදා හැරීම සඳහා ඵලදායී සන්නිවේදනයක් ඇති කරගත යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.
Read More’’ඉන්දියාවේ ජාතික සාමාන්‍ය ධනාත්මකතා අනුපාතය 15%ක් පමණ වෙනවා. දිල්ලිය වැනි සමහර නගරවල එය 30%ක් හෝ ඊටත් වැඩියි. ඉන් කියැවෙන්නේ පරීක්ෂා කිරීමේ හැකියාව ප්‍රමාණවත් නොවන නිසා ආසාදිත හා හඳුනා නොගත් බොහෝ දෙනෙක් සිටින බවයි. සැබෑ ලෙසම ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි දැනගන්න තව කාලයක් යාවි.’’ WHO ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් කියයි.
Read Moreඔහු බොහෝ අවස්ථාවල මුඛ ආවරණයක් පැලඳ සිටියත්, කතා කිරීමේදී සිය මුඛ ආවරණය පහළට ඇද කතා කරන දසුන් ඉන්දීය මාධ්‍යවල වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ, සෞඛ්‍ය ලේකම්වරයා වුවත් නියමිත සෞඛ්‍ය පුරුදු පිළිබඳ තැකීමක් නොකරන්නෙකු බව ප්‍රකට කරමිනි.
Read Moreඉන්දියාව අඛණ්ඩව පස් වැනි දිනටත් දෛනික කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාගත වර්ධනයක් ගෙවීගිය දිනයේ පැය 24 තුළ වාර්තා කර ඇති අතර, මරණ සංඛ්‍යාවද සර්වකාලීන ඉහළම අගයට පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 147,522,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඋපරිම කොවිඩ්-19 ආසාදන මට්ටම කරා ළඟා වනවිට, ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජුනි සහ ජූලි අතර කාලයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බව විශ්වාස කෙරෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙය එරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙන තත්ත්වයක් වීමයි.
Read Moreමෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇති බව කියයි.
Read Moreකොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. ’’ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා’’ නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.
Read Moreඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.
Read Moreඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්‍ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.
Read Moreවසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්‍රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17කට ළඟා වනවිට රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් වාර්තා වන්නේ, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ යෑමක්ද පෙන්වමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර, ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක්වෙමිනි.
Read Moreදේශීය වේලාවෙන් අලුයම 3.00ට මතුපිට හා දිය යට ඉලක්කගත ටෝර්පිඩෝ වෙඩි තැබීමට කිමිදුම් අවසරය ඉල්ලා සිටීමෙන් පසුව එහි සම්බන්ධතා ඇණහිටි බව සඳහන් වේ.
Read Moreචීනයේ පමණක් කොවිඩ්-19 මර්දන එන්නත් වර්ග 50කට ආසන්න සංඛ්‍යාවක් සහ ලොව පුරා 200කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින අතර, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කුමන ආකාරයේ එන්නතක් වඩා ප්‍රයෝජනවත්ද යන්න සොයා බැලීම වැදගත් කාරණයක් බව චීනයේ විශේෂඥයන් පවසයි.
Read More’’රෝග ලක්ෂණ තිබුණත්, පීසීආර් පරීක්ෂණයක් කළත්, ප්‍රතිඵලය ලැබෙන තුරු නොසිට, නිරෝධායනයකින් තොරව ඔහු සිය සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන ගොස් තිබෙනවා’’ යනුවෙන් පොලීසිය පවසයි.
Read More’’මේ ඛේදවාචකය සිදුවුණේ සිකුරාදා රාත්‍රියේ. අප සතුව තිබූ සියල්ලු ඔක්සිජන් අවසන් වී තිබුණා. නියමිත වේලාවට ඔක්සිජන් සපයා තිබුණේ නැහැ. එය සවස 5.00ට පැමිණිය යුතු නමුත්, ඔක්සිජන් පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පමණ වුණා. මේ වනවිටත් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන්ට ඔක්සිජන් අවශ්‍යව තිබුණා’’ බලූජා පැවසීය.
Read Moreඉන්දියාවේ දැනට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඔබ පුදුමකරවන අගයක් වුවත්, ඉන් පෙන්නුම් කෙරෙන්නේ වෛරස ව්‍යාප්තියේ සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක නියෝජනයක් පමණක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවයි.
Read Moreඅහස උසට නැඟෙන කොවිඩ්-19 ආසාදන ඉන්දියාවේ ප්‍රජාවන් සහ රෝහල් විනාශ කරමින් පවතී. දැඩි සත්කාර ඒකක ඇඳන්, බෙහෙත්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් ආදී සෑම දෙයක්ම හිඟය. මෘත ශරීරාගාරවල හා ආදාහනාගාරවල මළ මිනී ගොඩ ගසා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,071,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනවතම ආසාදන වැඩිවීම විකෘති ප්‍රභේදයක් පැතිර යාමෙන් හා සමහර ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟ වීමෙන් අනතුරු ඇඟවීමක් කර ඇති අතර, රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමද මෙයට බලපා තිබේ.
Read Moreඅගමැති ටෘඩෝ සිය බිරිඳ සොෆී සමග එරට ප්‍රාදේශීය ඖෂධාලයකට ගොස් එන්නත විදගෙන තිබුණු අතර, එන්නත ලබාගැනීමෙන් පසුව ටෘඩෝ කියා සිටියේ තමා මෙම තීරණය පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවය.
Read Moreපසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.
Read Moreකොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.
Read Moreනිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.
Read More