saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 7823 hours ago

LATEST

ඉන්දියාවේ සෞඛ්‍ය වියදම ද.දේ.නි.යෙන් සියයට 3.6යි

calendar_today 2021 මැයි 09 - 06:30 remove_red_eye - 627  

සංවර්ධිත රාජ්‍යයන් හා සැසඳීමේදී එය ඉතා පහළ අගයක් ගන්නා අතර, ශ්‍රී ලංකාව (3.76%) සහ තායිලන්තය (3.79%) වැනි කුඩා රාජ්‍යයන් පවා ඉන්දියාවට වඩා ඔවුන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වියදම් කරන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 157,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මේ වනවිට ඉන්දියාව අවට රටවල, එනම් උතුරින් නේපාලයේ සිට ශ්‍රී ලංකාව දක්වාත්, දකුණින් මාලදිවයින දක්වාත් ආසාදන ඉහළ ගොස් තිබේ. එය ඉන්දියාවේ අසල්වැසියන් පමණක් නොව, අග්නිදිග ආසියාවේ තායිලන්තය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවලද ආසාදන වැඩි කිරීමට තරම් ප්‍රබල කම්පන තරංගයකි.

Read More

මෙම දැඩි ක්‍රියාමාර්ග සඳුදා සිට ක්‍රියාත්මක වන අතර එරට රජයේ නිරෝධායන පහසුකම් තුළ මෙම රටවල් තුනෙන් ඕනෑම රටකින් පැමිණෙන මගීන් දින 6ක් රැඳී සිටීම අනිවාර්ය වෙයි.

Read More

පෘතුගාලයේ පැවති යුරෝපා සංගම් සමුළුව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් කියා සිටියේ අවම සංවර්ධිත රටවලට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් ඔවුන්ගේ එන්නත් ධාරිතාව විවෘත කළ යුතුව ඇති අවස්ථාවක මෙය සිදු නොවිය යුත්තක් බවයි.

Read More

ඉන්දියාවේ ගෙවීගිය දිනයේ ආසාදිතයන් 401,078ක් වාර්තා වූ අතර, අඛණ්ඩව තුන්වැනි දිනටත් ආසාදන 400,000කට අධික සංඛ්‍යාවක් සහ 17 වැනි දිනටත් ආසාදන 300,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Read More

රුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) පසුගිය සති කිහිපය තුළ කොරෝනා වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් වී එන්නත මාත්‍රා මිලියන 260කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා චීන ජෛව ඖෂධ සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

ආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි. පොදු ප්‍රවාහනයේදී, පෝලිම්වල, පිරිස ඒකරාශී වී සිටින ස්ථාන ගැන සැලකිලිමත් වන්න.

Read More

ප්‍රංශ රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් අටාල් ප්‍රකාශ කළේ ප්‍රංශයට නව වෛරස ප්‍රභේදවල අවදානම සැහැල්ලුවට ගත නොහැකි නිසා නිරෝධායන ලැයිස්තුවට නව රටවල් ඉක්මනින් එක් කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 156,472,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොරෝනා වෛරසය වැලඳීමෙන් පසු ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 64ක් ජනවාරි මාසයේදී මිය ගිය අතර එය වසංගතය අතරතුර වෛද්‍යවරුන්ට මාරාන්තිකම මාසය විය.

Read More

නගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.

Read More

ඉන්දීය බලධාරීන් විසින් තවත් කොවිඩ්-19 සම්බන්ධ මරණ 3,915ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට අඛණ්ඩව 10 වැනි දිනටත් දෛනික මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.

Read More

එරට එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට (JCVI) අනුව එන්නත් ලබාගැනීමට ප්‍රමාදයක් නොමැතිතාක් කල්, වයස අවුරුදු 30-39 අතර අයට හැකි සැමවිටම ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබාදිය බව සඳහන් කර තිබේ.

Read More

අප්‍රිකාවේ එන්නත් කිරීමේ අනුපාතය ලෝකයේ අඩුම අගයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් පුද්ගලයින් 1,000කට එන්නත් මාත්‍රාවන් 150ක් ලබා දී ඇත. නමුත් සහරා අප්‍රිකානු කලාපයේ එය දහසකට මාත්‍රා 8ක් පමණි.

Read More

එන්නත ලබාගන්නා අයට දිරිදීමනාවක් ලබාදීම, සේවා ස්ථානවල එන්නත් සායන පැවැත්වීම සහ සංචාරයට පෙර හෝ යම් විශාල ජන ඒකරාශීවීමකට පෙර අනිවාර්ය එන්නත්කරණය යන දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීමට ඵලදායී ක්‍රමයක් බව අනාවරණය වෙයි.

Read More

ඉන්දියාවේ රෝහල් වෛද්‍ය ඔක්සිජන් නොමැතිව දැඩි අර්බුදයකට ලක්ව, කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් තිබියදීත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටේ නායකයාට නව නිවහනක්ද ලැබෙන ආකාරයෙන් එරට පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරන බවට චෝදනා නැගෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 155,620,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අපේ‍්‍රල් මාසය ඉදිරියට යත්ම නේපාල ජාතිකයන් ඉන්දියාවේ දේශ සීමාව හරහා ආගමික උත්සව සඳහා එක්රැස් වූ අතර එහිදී නේපාල බැතිමතුන් හින්දු භක්තිකයන් සමග එක් විය. ඒ අනුව අප්‍රේල් මස මුලදී නේපාලයේ අර්බුදය ගොඩනැගීමට පටන් ගත් අතර, එරට අග්‍රාමාත්‍ය ඕලි පවසා සිටියේ දෛනිකව කුළුබඩු ආහාරයට ගැනීම නිසා හොඳ ප්‍රතිශක්තියක් තම ජනතාවට ඇති බවය. නමුත් එසේ කියූ නේපාල අගමැතිවරයාම දැන් ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලමින් සිටියි.

Read More

කොවිඩ්-19 ආශ්‍රිත මරණ 3,980ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර, එය තවත් නව දෛනික වාර්තාවකි. මෙය පැය 24ක කාලයක් තුළ හඳුනාගත් මරණ සංඛ්‍යාව අඛණ්ඩව 3,000ක් ඉක්මවා ගිය වැනි දිනයයි.

Read More

’’අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

’’ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා නොගෙන, තවත් එන්නතක් අපේක්ෂාවෙන් සිට, යම් කාලයකදී වඩාත් කැමති එන්නතක් ලබා ගැනීමට පෙර කොවිඩ්-19 ආසාදනය වී ඔබ මිය යාමේ සැබෑ අවදානමක් පවතිනවා. එන්නත් ප්‍රතික්ෂේප කිරීමෙන් ඉහළ සම්ප්‍රේෂණ අනුපාතයක් ඇතිවිය හැකි බව, තමන්ගේම එන්නත් කිරීමේ වැඩසටහන් ප්‍රමාද කළ රටවල් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ තීරණය කොවිඩ්-19 වලින් වළක්වා ගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවනු ඇති.’’ ආචාර්ය පෝල් හන්ටර් කියයි.

Read More

කොවිඩ්-19 වසංගතයේ දෙවැනි ආසාදන රැල්ලෙන් දැඩිව බැටකමින් සිටින ඉන්දියාවට, වසංගතයේ තුන්වැනි රැල්ල නොවැළැක්විය හැකි වනු ඇති බව ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක අනතුරු අඟවයි.

Read More

වයස අවුරුදු 18-59 අතර වැඩිහිටියන් සඳහා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත 78.1%ක ඵලදායීතාවක් පෙන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ පවසති. ඒ අනුව සීනොෆාම් සහ තවත් චීන සමාගමක් වන සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නත්වල හදිසි භාවිතය පිළිබඳ අනුමැතිය මෙම සතිය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.

Read More

’’මේ සටන අත්නොහැර, අපට හැකි තැන අප ඉගෙන ගත යුතුයි. අපට හැකි තැන හැදෑරීමට අප කටයුතු කළ යුතුයි. සියලු මෙවලම්, එනම් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය), එන්නත් සහ සාමූහිකත්වය සමග අපට ඇත්ත වශයෙන්ම කොවිඩ්-19 පාලනය කිරීමට, පරාජය කිරීමට පුළුවන් යන බලාපොරොත්තුව අප සියලු දෙනා තුළම තිබිය යුතුයි.’’ WHO කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 154,759,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මේ සමග සමුළුව සඳහා බ්‍රිතාන්‍යයේ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බැවින් තමන් අතථ්‍ය ආකාරයෙන් සමුළුවට සහභාගී වන බවයි.

Read More

වසංගතය නේපාලයේ පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් මේ වනවිට උද්ගත වෙමින් පවතී. දැඩි වෙහෙසක් දරමින් වෛරසය පාලනය කිරීමට අරගල කරන අසල්වැසි ඉන්දියාවට සමාන තත්ත්වයකට රට ගමන් කරමින් සිටින බව රතු කුරුස සංවිධානය බදාදා අනතුරු අඟවා තිබේ.

Read More

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සති කිහිපයක් තිබියදී ජපානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, ටෝකියෝ, කියෝතෝ, ඔසාකා සහ හයෝගෝ යන ප්‍රාන්ත සියල්ලම මැයි 11දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

මේ වනවිට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂිත වෛද්‍ය සායන වසා දමා, හදිසි සැත්කම් හා පිළිකා ප්‍රතිකාරවලින් බැහැර සියලු සැත්කම් අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් රට වැඩි වශයෙන් විවෘත කිරීම හරහා එරට වෙත නව ප්‍රභේදයන්ගේ ආසාදිතයන් පැමිණීම මෙම නවතම තත්ත්වයට හේතුව බව විශ්වාස කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.