saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6688 hours ago

LATEST

චීන ජනාධිපති හමුදාවේ 7ක් ජෙනරාල් නිලයට උසස් කරයි

calendar_today 2022 ජන 21 - 21:00 remove_red_eye - 397  

චීන ජනාධිපති ෂී ජින්පිං විසින් එරට හමුදා සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු චීනයේ ක්‍රියාකාරී සේවයේ නියුතු නිලධාරීන් සඳහා පිරිනමන ඉහළම නිලය වන ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවාලූ ආසාදනයන් වැඩිවීම මධ්‍යයේ යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ඇමතිවරු සිකුරාදා කොවිඩ්-19 එන්නත්වල සිව්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය, දේශගුණික අර්බුදය සහ සෑම තැනකම ගැටුම් ඇති කර ඇති භූ දේශපාලන ආතතීන් හේතුවෙන් වසර පහකට පෙර පැවති ලෝකයට වඩා බොහෝ ආකාරවලින් ලෝකය නරක අතට හැරෙන බව සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 340,380,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජනගහනයෙන් 100,000කට නව ආසාදන 638.8ක් වාර්තා වී ඇති බැවින් ජර්මනියේ දින හතක කොවිඩ්-19 සිදුවීම් අනුපාතය පළමු වරට 600ක් ඉක්මවූ බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.

Read More

ව්‍යවස්ථා කෙටුම්පත 2021 දෙසැම්බර් 27 වැනි දින රටපුරා සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය සමස්ත බෙලරුසියානු මහජන සභාවේ බලතල පුළුල් කරයි.

Read More

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් චීනයේ අධි-විභේදන බහු-මාදිලි රූපගත කිරීමේ චන්ද්‍රිකාව නිල වශයෙන් භාවිතයට ගෙන ඇති බව නිවේදනය කරන ලදී.

Read More

ඝානාවේ බටහිර කලාපයේ පතල් ප්‍රජාව ජීවත්වන ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 20දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

පළමු සැපයුම් කණ්ඩායම බදාදා දිවයිනට පැමිණීමෙන් පසු චීනය ටොංගා වෙත මුදල් සහ අනෙකුත් ආපදා සහන ද්‍රව්‍ය ලබාදෙන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 336,465,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.

Read More

2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ඉදිරි දිනවලදී ආරක්ෂක සහතික පුළුල් කිරීම සඳහා වන සිය යෝජනා සඳහා ලිඛිත පිළිතුරු ලැබෙනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වන බවයි.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඬපැවැත්වීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) යෝජනා කළේ, සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසයි.

Read More

මෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 332,796,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වැඩිවන ආසාදන නොතකා, පසුගිය සතියේ ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් බටහිර බෙංගාලයේ සහ උත්තර් ප්‍රදේශ් හි ගංගා ගං ඉවුරේදී මාකාර් සංක්‍රාන්ති උත්සවය සැමරීම සඳහා ශුද්ධ වූ ස්නානය වෙනුවෙන් එක්රැස් වූහ. මෙම වන්දනාකරුවන්ට ආසාදනය වී වෛරසය රටේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ නගර සහ ගම්වලට ගෙන යා හැකි බවට මෙම සිදුවීම කනස්සල්ලට පත්ව ඇත.

Read More

අඟහරුවාදා වනවිට එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 ආසාදිතයන් 66,000,000කට වඩා වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපද ජනගහනයෙන් පහෙන් එකක් පමණ වේ.

Read More

මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.

Read More

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.

Read More

යුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 330,275,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි බාධක ඉවත් කළ යුතුයි, තාප්ප ඉදි නොකළ යුතුයි. වසා නොදැමිය යුතුයි. ඒ වෙනුවට අපි විවෘත කළ යුතුයි. අපි සෙවිය යුත්තේ ඒකාබද්ධතාව මිස, විසංයෝජනය නොවෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගය මෙයයි’’ චීන ජනපති ලෝක ආර්ථික සංසදය (WEF) අමතමින් පවසයි.

Read More

’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.

Read More

ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.

Read More

මේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.

Read More

මෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 327,738,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.