වැඩිවන ජීවන වියදම අඩුකර ගතහැකි ක්‍රම 07ක්
01) හැම පැත්තෙන්ම ඉතුරු කරන්න.
ජීවන වියදම ඉහළ ගියද, පහළ ගියද සෑම පැතිකඩකින්ම ඉතුරු කිරීමට පුරුදුවිය යුතුය. ජල කරාමය ක්‍රමවත්ව වැසීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම ආදියෙන් මෙය සිදුකළ හැකිය.
02) මාසෙකම භාණ්ඩ එකපාර ගන්න
ඇතැම් පිරිස් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ එදිනෙදා ගැනීමට පුරුදුව සිටිති. නමුත් පෙර සැලසුම් කර මසකට සරිලන භාණ්ඩ එකවර මිලදී ගැනීමෙන් ඔබට ඉහළ යන ජීවන වියදම මදකින් හෝ අඩුකර ගත හැකිය.
03) අවශ්‍ය උපකරණවලට ආයෝජනය කරන්න
ඇතැම් පිරිස් නිවසට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට හැකියාව තිබුණද, එය අනවශ්‍ය වියදමක් සේ සලකා බැහැර කරයි. නමුත් නිදසුනක් ලෙස ඔබේ නිවසට ශීතකරණයක් අනවශ්‍ය යැයි ඔබ සිතුවද, ශීතකරණයක් මිලදී ගැනීමෙන් නිවසට අවශ්‍ය අහාර ද්‍රව්‍ය එකවර මිලදී ගෙන තබාගත හැකිය.
04) වාසි තියෙන තැන් ගැන අවධානය යොමුකරන්න
සුපිරි වෙළෙඳ සංකීර්ණවලට ගොස් වැඩි මිලට භාණ්ඩ මිලදී ගැනීමට අප සමාජයේ පිරිස් පුරුදුව සිටිති. නමුත් එම මිලට වඩා ඉතා පහළ මිලට එම භාණ්ඩ ගුණාත්මක ලෙස මිලදී ගතහැකි ස්ථාන ඕනෑතරම් පවතී. ඒ පිළිබඳවද අවධානය යොමුකළ හැකිය.
05) අවශ්‍ය වියදම් අවශ්‍ය වෙලාවට කරන්න
ඇතැම් පිරිස් අසනීපයක් සෑදුණු විට එයට මුදල් වියදම් වන බැවින් ප්‍රතිකර ගැනීමට මැලිකමක් දක්වති. නමුත් එම අසනීපය පසුකලෙක අසාධ්‍ය වූ විට පූර්ව ප්‍රතිකාරවලට යන වියදමටත් වඩා අධික මුදලක් වැයවේ. එය ජීවන වියදම ඉහළ යෑමට හේතුවකි.
06) අපතේ යන වත්කම්වලින් ප්‍රයෝජන ගන්න
නිවසේ වසා තබා ඇති කාමර, පාවිච්චියට නොගෙන අතහැර දමා ඇති ද්‍රව්‍ය ආදිය මුදල් ඉපයිය හැකි දේවල් ලෙස පරිවර්තනය කරගත හැකිය. නිදසුනක් ලෙස භාවිතයට නොගන්නා කාමරයක් කුලියට දීම ආදිය සිදුකළ හැකිය.
07) වැඩපළ කරන්න හුරුව හදාගන්න
නිවසේ වැඩ කටයුතු කිරීමට පුරුදු පුහුණු වීම මත වැඩි වන ජීවන වියදමට යම් සහනයක් ඇතිකර ගත හැකිය. තමන්ගේ වැඩකටයුතු තමන්ම කරගැනීම හරහා ඒ සඳහා වෙනත් අයෙකු යොදාගැනීමට අවශ්‍ය නොවේ. එවිට ඒ සඳහා වැයකළ යුතු මුදල ඉතිරි කරගත හැකිය.
ඉන්දික මධුසංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

