ලෝක බැංකුව පිළිබඳ කරුණු 7ක්
- 26 02 2018
- 09:43
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික බැංකුව, 'ලෝක බැංකුව' (world Bank) යන නමින් හැඳින්වේ. එය වර්ෂ 1944 ජූලි මස 4වැනිදා ඇමරිකාව ඇතුළු රටවල් 44ක ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇත.
02. 'ලෝක බැංකුව' 1944දී පිහිටුවා ගත් නමුත්, ක්‍රියාත්මක තත්ත්වයට පත් වූයේ වර්ෂ 1949දීය. එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ පිහිටුවා ඇත. ශාඛා ලෙස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද, ප්‍රංශයේ පැරිස් නුවරද, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ද පිහිටුවා තිබේ.
03. ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යය. යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වයෙන් ඉවත් වුවහොත් ලෝක බැංකුවේ සාමාජිකත්වයෙන්ද ඉවත් වීමට සිදුවේ.
04. ලෝකයේ දිළිඳු රටවල් බොහොමයක් ඇති බැවින් දුප්පත්කම ලොවින් තුරන් කිරීමට උදව් උපකාර කිරීම ලෝක බැංකුවේ පරමාර්ථයයි.
05. ආරම්භයේ සිට මේ දක්වා ලෝක බැංකුවේ සභාපතිවරුන් 12දෙනෙකි. වර්ථමාන සභාපති වන්නේ කොරියානු සම්බවයකින් යුත් ඇමරිකානු ජාතික 'ජිම් යොංග් කිම්' වෙයි. හෙතෙම වර්ෂ 2012 අෙප්‍ර්ල් මසදී මෙම තනතුරට තෝරාපත් කරගන්නා ලදී.
06. මෙහි පරිපාලන කටයුතු සඳහා මහා මණ්ඩලය වසරකට වරක් ද විධායක මණ්ඩලය මසකට වරක් ද රැස්වේ. හත් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් ද පිහිටුවා තිබේ.පාලනයේ වගකීම පැවරී ඇත්තේ සභාපතිවරයාටය.
07. ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගනු ලැබුවේ වර්ෂ 1950දීය. එසේ සමාජිකත්වය ලබාගැනීමෙන් පසු වර්ෂ 1954 සිට ලංකාවට ආධාර ලැබීම සිදුකොට ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකු ආධාර සැපයෙනුයේ බල ශක්තිය දියුණුව, කෘෂිකාර්මික දියුණුව, ග්‍රාමීය සංවර්ධනය හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


