01) ශ්‍රී ලංකාව තුළ වසරකට මාර්ග අනතුරු 36000කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ.
02) අප රට තුළ රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 7-8 ප්‍රමාණයක් මිය යන අතර පූර්ණ කාලීන අබල
දුබල තත්ත්වයට පත්වීම් මීට වඩා බොහෝ සෙයින් වැඩිය.
03) නිදිමත දැනෙන්නේ නම් රිය නවතා සුළු වේලාවක් නිදාගැනීම හෝ වාහනයෙන් බැස වතුර ටිකක් බොන්න.
04)
මත්පැන්, දුරකථන භාවිත නොකරමින් රිය පදවන්න.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
05) රිය පදවන විට ඔබේ ප්‍රශ්න සුළු මොහොතකට අමතක කරන්න. කේන්ති නොගන්න. සිත සැහැල්ලු කරගන්න.
06) කොතැනක හෝ අනතුරක් සිදු කර පලා යනු දුටුවහොත් ඒ ගැන වහාම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික
සභාව අමතන්න. 011 2 696 890
07) ඔබගේ ඥාතියෙකු/ හිතවතෙකු රිය අනතුරකට ලක්ව මිය ගොස් හෝ බරපතළ තුවාල ලබා අනතුර සිදුකළ වාහනය හඳුනාගැනීමට නොහැකි වූයේ නම් කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අමතන්න, 011 2 696 890,
මියගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට මුදලින් රුපියල් ලක්ෂ දෙකක් හා බරපතළ තුවාල ලබන අයට මුදලින් රුපියල් ලක්ෂයක් හිමිවෙයි.
තොරතුරු - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය