දියමන්ති, පද්මරාග, ඉන්ද්රනීල, එමරල්ඩ් හා කිස්ඛෙරි වශයෙන් ලොව මැණික් වර්ග 05කි. මැණික් ලොව අගරැජින ලෙස බුහුමන් ලැබීමට මුතු සමත් වී තිබේ. පවිත්රතාවේ සංකේතය ලෙස පිළිගන්නා මුතු ඇටය ශ්‍රේෂ්ඨ හා බලය ලෙස පිළිගැනීමක් පවතී.
01) ප්‍රධාන වශයෙන් මුතු නිෂ්පාදනය කරන ප්‍රදේශ, කලාප හා රටවල් අනුව මුතු වර්ගීකරණය කරනු ලබන අතරඒ අනුව මුතු වර්ග 08ක් දක්නට ඇත.
Australin Pearls (ඔස්ට්‍රේලියානු මුතු)
South Sea Pearls (දකුණු මුහුදේ මුතු)
TahitainPerals (ටහිටෙන් මුතු)
AkoyaKearls (අකෝයා මුතු)
KeshiPerals (කේෂි මුතු)
Mabe Pearls (මාබේ මුතු)
Chiness Fresh (චීන මුතු)
KasumigaPerls (කැෂුමිගා මුතු) ලෙස ඒවා හැඳින්වීමට හැකිය.
02)
ස්භාවික මුතු (Natural Perals) හා කල්චර් මුතු (Culture Perals) වශයෙන් මුතු වර්ග දෙකකි. ස්භාවික මුතු මුතු ඛෙල්ලා තුළ නිපදවෙන අතර කල්චර් මුතු මිනිස් ක්‍රියාකාරනම් නිසා මුතු ඛෙල්ලන් තුළ නිපදවෙයි.
වර්තමානයේ මුතු වගාව යනු බහුලව සිදු කරන සාර්ථකම ව්‍යාපාරයකි. ස්භාවික මුතු ඇට නිර්මාණය වන්නේ ශක්තිමත් මුතු පරවල ආශ්‍රිතව සිටින මුතු ඛෙල්ලන් ඇතුළතය.
කැල්සියම් කාබනේට් නැමති රසායනික ද්‍රව්‍ය මගින් සංයුක්ත තරල කිහිපයක් එකතු වී මුතු ඇටය සෑදේ.
03) මුතු වගා කිරීම සඳහා දීර්ඝ පිළිවෙතක් අනුගමනය කෙරේ. න්‍යෂ්ටිය සහිත හා න්‍යෂ්ටිය රහිත ලෙස තත්ව ක්‍රම දෙකකට මුතු වගා කරනු ලැබේ. මුතු වගාව සඳහා ඉහළ නාමයක් දිනා ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.
ඔස්ට්‍රේලියාවට උතුරු හා වයඹ දිශාවේ ගැඹුරු මුහුදු තීරයේ මුතු ඛෙල්ලන් වගා කෙරේ. ගැඹුරු මුහුදේ ටැංකි මත මුතු ඛෙල්ලන් ප්‍රජනනය කරන අතර එම වගා බිමෙහි ප්‍රමාණය මීටර් 07 සිට 20 දක්වා තිබේ.
04)
මෙම මුතු වර්ග ඇසුරෙන් ඔස්ට්‍රේලියානු මුතු (Australin Pearls) ඉතා මිල අධික වේ.
සාමාන්‍ය ප්‍රමාණය මිලි මීටර් 8 - මිලී මීටර් 18 දක්වා වන මෙම මුතු වර්ගයට පවතින ස්භාවික පිවිතුරු බව නිසාත්, විවිධ හැඩයෙන් යුතු නිසාත්, රිදී පාට, සුදු රෝස පාට, රන්වන් පාට, නිල් පාට වැනි වර්ණවලින් යුතු වන නිසාත් නිතරගයෙන්ම අනෙක් මුතු වර්ගවලට වඩා ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියානු මුතුවලට අවකාශ ලැබී තිබේ.
05) දියේ කිමිද බෝට්ටුව තුළට ගන්නා මුතු ඛෙල්ලාගේ වැලි ශද්ධ කර හොඳින් සෝදා විශාල වීදුරුවලින් තනන ලැබූ විශේෂ කුටියක (කටාරම් තුළ) ඔවුන් එකිනෙකා රඳවනු ලැබේ.
මාස කිහිපයකට පසු මුතු ඛෙල්ලාගේ මුව විවෘත කර මුතු ලබා ගනී.
06) මුහුදු ජලයේ වගා කරන මුතු ඛෙල්ලා ගේ වගා කාලය ඉතා දිගු වන නිසා චීනය හා ජපානය රටවල් පිරිසුදු ජලයේ එනම් වැව් ගංගා හෝ ජලාශ ආශ්‍රිතව මුතු වගාව සිදු කරයි.
නමුත් මෙම පිරිසුදු ජලයේ වගා කෙරෙන මුතු ඛෙල්ලන්ගේ මුහුදු ජලයේ වගා කරන මුතු ඛෙල්ලන්ගේ අසමානතා දක්නට ලැබේ.
නමුත් මෙම පිරිසුදු ජලයේ වගා කරන මුතු ඛෙල්ලන් සෝදා පවිත්‍ර කිරීමට අවශ්‍ය නොවන අතර කෙටි කාලයකදී විශාල අස්වැන්නක් ලබා ගත හැකි වීම නිසා චීන හා ජපාන වැසියෝ වැඩි වශයෙන් පිරිසුදු ජලයේ මුතු වගා කිරීමට යෙමු වෙති.
07)
දැනට සොයා ගෙන ඇති අන්දමට ලොව විශාලතම මුතු ඇටය වර්ෂ 1934 දී වසර 600ක් පමණ ඉපැරණි මුතු ඛෙල්ලෙකුගෙන් හමුවී තිබේ.
පිලිපීනයේ Palawan Sea නමින් හඳුන්වන ස්ථානයේ තිබි හමුවී තිබූ මෙම අසාමාන්‍ය මුතු ඛෙල්ලා තුළ රාත්තල් 14ක් බරැති මුතු ඇටයක් හමුවී ඇති අතර එහි දිග අගල් 9.05ක් විෂ්කම්භය අඟල් 05.05ක් බවද වාර්තා වෙයි.
වර්ෂ 1948 දී මෙම අනගි මුතු ඇටය ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂ හතළිස් දෙකක වටිනාමින් යුතු බව ගණන් බලා ඇත.
දිනිත් කණිෂ්ක - (අන්තර්ජාලය ඇසුරෙන්)