මසුන් මැරීම සඳහා අතීතයේ සිට භාවිත වන ක්‍රම 07ක්
01. කරක් ගෙඩිය
කලපු, වැව් හා මෝය වැනි නොගැඹුරු ජලයේ ඉස්සන් හා කුඩා මසුන් ඇල්ලීමට භාවිත කරයි.
02. කෙමන
ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු ප්‍රදේශයේ කලපුවල භාවිත වන මත්ස්‍ය උගුලක් වෙයි.
03. රිටි පන්නය
නොගැඹුරු ජලයේ රිටක් මත සිට බිලී බෑමේ ක්‍රමයට මසුන් අල්ලා ගනියි. මෙය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ දැකිය හැකිය.
04. මා දැල්
නොගැඹුරු මුහුදේ සිටින කුඩා මසුන් ඇල්ලීම සඳහා භාවිත වේ. බෝට්ටු මගින් මුහුදට ගොස් දමන දැලක දෙකොන ගොඩබිමට අදිනු ලබයි. වර්තමානයේ මා දැල ඇදීම සඳහා ටැක්ටර්ද භාවිත කරයි.
05. පරා කූඩ
ලංකාවේ උතුරු ප්‍රදේශයේ මසුන් අසුකරගන්නා උගුලක් ලෙස නොගැඹුරු ජලයේ භාවිත වෙයි.
06. කකුළු තට්ටි
මෙම ක්‍රමය කකුළුවන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාව වටාම වූ කලපුවල සහ නොගැඹුරු මුහුදේ භාවිත වේ.
07. මන්ඩාව
මෙය විශාල මසුන් ඇන මැරීම සඳහා භාවිත වේ. කල්පිටිය හා මීගමුව ප්‍රදේශවල දැකිය හැකිය.
තොරතුරු NARA ආයතනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








