ධනය උපයන ඔබට බුදුදහමට අනුව ධනයන් 7ක්
01. ශ්‍රද්ධා ධනය
නව අරහාදී බුදුගුණ පිළිබඳව ඇති ශ්රද්ධාවයි. ( නව අරහාදී බුදුගුණ - භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ, විච්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූ ගුණයෙන් යුතුය. අනුත්තර පුරිසධම්ම සාරථිය, සත්ථා දේවමනුස්සානං නම් වේ. බුද්ධය, භගවා ගුණයෙන් යුතුය යන්නයි)
02. ශීල ධනය
පන්සිල් රැකීම තුළින් ඇතිකරගන්නා කය / වචනය / සිත සංවර කර ගැනීම ශීල ධනය වෙයි. යම් අයෙක් පන්සිල් සුරකියිනම් එම පුද්ගලයා තුළ නිතැතින්ම කය/ වචනය/ සිත සංවර වනු ඇත.
03 හිරි ධනය
යම් අයෙක් පාපකාරී ක්‍රියා, වැරදි වැඩ සිදුකිරීමට ඇති ලජ්ජාව හිරි ධනයයි.
04. ඔතප් ධනය
කය/ සිත/ වචනයෙන් සිදුකරන වැරදි පිළිබඳ අවබෝධයෙන් ඒවා සිදුකිරීමට ඇති බයයි - එනම් එහි පවෙහි ආදීනවයන් පිළිබඳව ඇති අවබෝධයයි.
05. සුථ ධනය
06. ත්‍යාග ධනය
ඉල්ලනෙකුට තෘෂ්ණාවෙන්, මසුරුකමෙන් තොරව දීම ත්‍යාග ධනයයි. එසේ දීමේ සිතක් පහළවීමද පුද්ගලයෙක්ට ඇති උසස් ගුණයකි. මෙය චාග ධනය ලෙසද හඳුන්වයි.
07. ප්‍රඥා ධනය
යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් කෙලෙස් බිඳීම් ඇත්තාවූ හා දුක් ක්ෂය කිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම - දැනගන්නා පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්ත නම් ඊට ප්‍රඥා ධනය ලෙස හඳුන්වයි.
පූජ්‍යපාද යකඩපොත ධම්මාලෝක ස්වාමීන් වහනසේගේ ධර්ම දේශනයක් ඇසුරින් සකස් කරන ලදී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

