දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ කරුණු 7ක්
01) දුම්කොළ, දුම්වැටි සහ මඔබගේ පවුල සහ මිතුරන් මරණයට පත් කරයි.
දුම්කොළ සහ දුම්වැටි මගින් ඒවා භාවිතා කරන්නන් ගෙන් 50% මරා දමනු ලබයි. එම මරණ ප්‍රමාණය වාර්ෂිකව මිලියන 6 කි. සෑම තත්ත්පර 6 කටම එක් පුද්ගලයෙක් දුම්කොළ සහ දුම්වැටි නිසා මියයයි. වසරකට ශ්‍රී ලංකාවේ විසි දහසක් දෙනා දුම්කොළ සහ දුම්වැටි නිසා මිය යන අතර, දිනකට එම අගය 55 කි.
ලොව පුරා සෑම තත්ත්පර 10කටම එක් අයෙකු මත් වතුර නිසා මිය යයි. වසර 2012 දී පමණක් ලෝක ජනතාවගෙන් මිලියන 3.3 ක් ඍජුවම මධ්‍යසාර පානය නිසා මිය ගියහ. අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගලයන් අකාලෙය් මිය යාමට ප්‍රධාන හේතුව මද්‍යසාර වේ.
02) දුම්කොළ, දුම්වැටි සහ මද්‍යසාර ඔබගේ පවුලේ අය සහ මිතුරන් රෝගී කරවයි.
දුම්කොළ සහ දුම්වැටි සිරුරේ සියලුම පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයට හානි කරයි. හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇති කිරීමේ (වාර්ෂිකව දහස් ගණනක් ජනතාව අංශභාග තත්ත්වයනට පත් වෙයි.) හේතු අතරින් දුම්වැටි ඉදිරියෙන්ම සිටී.
එමෙන්ම දුම් පානය නිසා ඇදුම සහ නිදන් ගත ස්වසන රෝග වලට ද වැඩිහිටියන් ගොදුරු වෙයි. දුම්කොළ වල විෂ සහිත රසායනික සංඝටකයන් 250කට අධික සංඛ්‍යාවක් ඇතුලත්ය. ඒවායෙන් 50කටත් වඩා පිළිකා-කාරක වේ.
03) පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාවයට ද දුම්පානය ප්‍රධාන හේතුවකි.
අක්මාවේ සිරෝසිස් තත්ත්වය ඇති කිරීමට මධ්‍යසාර හේතු වන අතර, මොළයේ ක්රියාකාරීත්වයද අඩපණ කරයි. එමෙන්ම මද්‍යසාර සිරුරේ පිළිකා වර්ග ගණනාවකට ද හේතුකාරක වේ.
04) දුම්කොළ, දුම්වැටි සහ මද්‍යසාර භාවිතා කරන්නන් නිසා අවට සිටින්නන්ටද හානි සිදු වේ.
දුම්පානය කරන්නන්ගෙන් නිකුත් වන දුම්, තවත් අයකු විසින් ආස්වාස කිරීම අක්‍රීය දුම්පානය නම් වේ. අක්‍රීය දුම්පානයට ගොදුරු වූ දරුවෝ ඇදුම සහ ස්වසන මාර්ගයේ ආසාදනයන්ට පහසුවෙන් ගොදුරු වෙති.
මෙමගින් පෙණහළු වල, උගුරේ සහ ස්වරාලයේ පිළිකා ඇතිවීමේ අවදානම් ද ඉහළ යයි. යමෙකු ඔබ ආසන්නයේ දුම් බොන විට එයට විරුද්ධවීමට ඔබට අයිතියක් ඇත.
05) දුම්කොළ, දුම්වැටි සහ මද්‍යසාර ඔබගේ පවුල සහ මිතුරන් අවලක්ෂණ, දුගඳ හමන අප්‍රියජනක පුද්ගලයන් බවට පත් කරවයි.
06) දුම්කොළ සමාගම් වල මීළඟ ගොදුර බවට ඔබගේ මිතුරා පත් විය හැකිය.
සෑම දිනකම දුම් පානය නිසා 55 දෙනෙකු මිය යති. එහෙයින් ඔවුන්ගේ ලාභය රඳවා ගැනීමට නම් දිනපතා 55 දෙනෙකුවත් අලුතෙන් දුම්පානය කරන්නන් ලෙස බඳවා ගැනීම අවශ්‍ය වේ.
දුම් පානය කරන්නන්ගෙන් බහුතරය තමන්ගේ ළමා හෝ නවයොවුන් සමය තුළ දුම්පානය ආරම්භ කළ අය වෙති. එහෙයින් දුම්කොළ සමාගම් ඔබ සහ ඔබගේ මිතුරන් ඉලක්ක කරන බව පැහැදිලිය.
07) දුම්කොළ, දුම්වැටි සහ මද්‍යසාර ඔබගේ පවුල සහ මිතුරන් දුප්පත් කරවයි.
ශ්‍රී ලාංකිකයෝ දිනකට රුපියල් මිලියන 250 ක මුදලක් දුම්කොළ සහ දුම්වැටි වෙනුවෙන් වියදම් කරති.
දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් සිදුවන රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදු වේ. අඩු වයසේදී රෝගී වීමෙන් ඵලදායීතාව අඩුවීම නිසා ද විශාල අලාභයක් සිදු වේ.
තොරතුරු - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය / අධ්‍යාපන අමාත්‍යාංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

