ඔබේ ශරීර සුවතාවය සඳහා වැදගත් කරුණු 7ක්
01) ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය 18.5 සහ 24.9 අතර (සුදුසුම 23) පවත්වා ගැනීම.
මෙය ඔබට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා සමහර පිළිකා වර්ග සෑදීමට ඇති අවදානම අඩු කරගත හැකි සරල ක්රමයකි.
ශරීර ස්කන්ධ දර්ශකය - බර (කි.ග්රෑ) / උස (මීටර්)2
02) අධික ලුණු භාවිතයෙන් වැළකී සිටින්න.
වැඩුනු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය උපරිම ලුණු ප්‍රමාණය තේ හැන්දකි. බස් පිසීමේදී හා නැවුම් පලතුරු පරිභෝජනයේදී ලුණු එකතු කිරීමෙන් වළකින්න.
03) දිනකට විනාඩි 30 බැගින් සතියකට දින පහක් සාමාන්‍ය ව්‍යායාම වල (වේගෙයන් ඇවිදීම, ක්‍රීඩා කිරීම, පිහිනීම, බයිසිකල් පැදීම) යෙදෙන්න.
ව්‍යායාම කිරීම බර පාලනය කර ගැනීම, මාංශ පේෂි සවිමත් කිරීම, මානසික ආතතිය අඩුකර ගැනීම ආදියට ඉවහල් වේ. හදවත් රෝග, දියවැඩියාව හා සමහර පිළිකා සඳහා අවදානමද අඩුකරයි.
04) ට්‍රාන්ස් මේසය සහිත ආහාරවලින් වැළකී සිටින්න.
කෙටි කෑම, ප්‍රේස්ටි, කේක් හා නැවත නැවතත් භාවිත කළ තෙලෙන් පිළියෙල කළ ආහාර වල ට්‍රාන්ස් මේදය ඇත. ට්‍රාන්ස් මේදය හදවත් රෝග, දියවැඩියාව හා අංශ භාගය සෑදීමේ අවදානම වැඩි කරවයි.
05) අධික සීනි භාවිතයෙන් වළකින්න.
දියවැඩියාව රහිත අයෙක් වූවද දිනකට සියළු සීනි සහිත ආහාරවලින් සීනි තේ හැඳි 6කට වඩා පරිභෝජනය නොකළ යුතුය. ජෑම් වර්ග, අයිස් ක්‍රීම්, කාබනිකෘත බීම වර්ග, සිරප් යෙදූ ටින් කළ පලතුරු වර්ග අඩු කරන්න.
06) දිනකට එළවළු හා පලතුරු වර්ග 5ක් වත් අනුභව කළ යුතුය.
එක් පුද්ගලයෙකුට දිනකට නිර්දේශිත එළවළු හා පලතුරු ප්‍රමාණය ග්‍රෑම් 400කි. විවිධ එළවළු හා පලතුරු ආහාරයට එක්කර ගන්න.
fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
07) මත් පැන් හා දුම්පානයෙන් වැළකී සිටින්න.
දුම්බීම ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම අහිතකරය, මත්පැන් සහ දුම් පානය නිසා හදවත් රෝග, අංශ භාගය, පිළිකා සඳහා අවදානම වැඩි කරයි.
මත්පැන් නිසා අනතුරු සිදුවිය හැක. දුම්බීම දුම්බොන අයට පමණක් නොව ඔවුන් වටා සිටින අනෙක් පුද්ගලයන්ටද අහිතකර වේ.
තොරතුරු - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය / අධ්‍යාපන අමාත්‍යාංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

