ඔබේ විදුලි බිල අඩුකරගැනීමට ක්‍රම 7ක්
01) Led බල්බ දමන්න
Led බල්බ සෑදී ඇත්තේ Led බල්බ කිහිපයකින් නිසා එයට වැය වන්නේ අඩු විදුලි බලයකි. නැතහොත් අඩු වොට් ගණනකි. සූත්‍රිකා බල්බයක වොට් 40 කින් ලබා ගතහැකි ආලෝකය Led බල්බයක් මගින් වොට් 7කින් පමණ ලබාගත හැක.
02) රෙදි එකවර ස්ත්‍රික්ක කරගන්න
විදුලි ස්ත්රික්කයෙන් වරින්වර රෙදි මැදීමේදී වැඩි විදුලියක් එයට වැයවෙයි. මන්දයත් ඒ ඒ සෑම අවස්ථාවකම විදුලි ස්ත්‍රික්කය මුල සිට රත්විය යුතු බැවිනි. නමුත් රෙදි සියල්ල එකවර මැදීමේදී ස්ත්‍රික්කය රත්වී රස්නය රඳා පවතින නිසා ස්ත්‍රික්කය ස්වයංක්‍රීයව off වේ. නැවත රස්නය අඩු වූ විට ස්වයංක්‍රීයව on වේ. එබැවින් විදුලිය පිරිමැසේ.
03) නිවසට අවශ්‍යවන ප්‍රමාණයේ ශීතකරණයක් මිලදී ගන්න
නිවසේ සාමාජිකයන් 2ක් හෝ 3ක් පමණ සිටින ඇතැම් නිවෙස් වල විශාල ශීතකරණ භාවිතා කරනු ලබයි. එමගින් ඔවුන්ගේ විදුලි බිලට සැලකිය යුතු මට්ටමේ විදුලියක් ශීතකරණයට වැයවේ . එනිසා සාමාජිකයන් අඩු නිවෙස්වල වැඩි වොට් ගණනක් වැයවන විශාල ශීතකරණ භාවිත නොකර අඩු වොට් ගණනක් වැයවන කුඩා ශිතකරණ භාවිතයෙන් විදුලි බිල අඩු කරගත හැක. එසේම ශීතකරණය තැබීමේදී බිත්තියට අඟල් 10 පමණ ඈතින් ශීතකරණය තබන්න.(ශීතකරණයේ පිටුපසට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි)
04) ශීතකරණයේ දොර නිතර ඇරීමෙන් වළකින්න
ශිතකරණයේ දොර නිතර ඇරීම වැසීම තුළින් ශීතකරණයේ ඇති සිසිල් බව එළියට යයි. එනිසා ශීතකරණය නැවත සිසිල් වීමට වැඩි වේලාවක් ගතවීම හේතුවෙන් වැඩි විදුලි ප්‍රමාණයක් වැයවේ. අනවශ්‍ය වේලාවන්හිදී ශීතකරණයේ දොර ඇරීම වළක්වා ගැනීමෙන් විදුලිය ඉතිරි කරගත හැක.
05) Led රූපවාහිනී භාවිතය
Led රූපවාහිනී තුළ ඇත්තේ පැරණි ටියුබ් රූපවාහිනීවල මෙන් ටියුබ් තිරයක් නොව Led තිරයකි එම රූපවාහිනියේ රූප සෑදෙනුයේ Led බල්බ මගිනි Led රූපවාහිනියට වැයවන්නේ වොට් 20-30 පමණවන අතර පරණ ටියුබ් රූපවාහිනියකට වොට් 80-100 පමණ වැයවේ.
06) අඩු වොට් ගණනක විදුලි බල්බ දැමීම
නිවසක නිදන කාමරය වැනි වැඩි ආලෝකයක් අවශ්‍ය නොවන ස්ථානවලට අඩු වොට් ගණනක විදුලි බල්බ දැමීමෙන් විදුලි බිල අඩු කරගත හැක. එසේම බිත්තිවලට සුදුපාට වැනි ලා පාට ගෑමෙන් එය තුළින්ද බල්බයෙන් එන ආලෝකයට සහයෝගයක් ලැබෙන අතර එමගින් විදුලි බිල අඩුකරගත හැක.
07) සිවිලිම් විදුලිපංකා භාවිතා නොකර මේස විදුලි පංකා භාවිතා කරන්න
ඔබේ නිවසේ වැඩි වශයෙන් සිවිලිම් විදුලිපංකා භාවිතා නොකර හැකිතාක් මේස විදුලිපංකා භාවිතා කිරීමෙන් ඔබේ නිවසේ විදුලි බිල අඩුකරගත හැක. මන්දයත් සිවිලිම් විදුලිපංකාවලට වඩා මේස විදුලිපංකාවලට වැයවන්නේ අඩු වොට් ප්‍රමාණයක් බැවිනි.
ප්‍රියාන් ශමික
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

