ඔබගේ ජංගම දුරකථනය හා සිම්පත පිළිබඳ දැනගත යුතු කරුණු 7ක්
01 ඔබේ සිම්පත ඔබ නමින් ලියාපදිංචිද?
ඔබ විසින් පාවිච්චි කරනු ලබන සිම්පත තමන් නමින් ලියාපදිංචි වී තිබිය යුතුය. තමා ළඟ ඇති සිම්පත කවුරුන් නමින් ලියාපදිංචිව ඇති දැයි බලා ගැනීම සඳහා ජංගම දුරකථනයෙන් #132# ඇමතිය යුතුය.
02. ඔබේ ජංගම දුරකථනය ලියාපදිංචිද?
ඔබ විසින් පාවිච්චි කරනු ලබන දුරකථනය ලියාපදිංචි වී තිබිය යුතුය. එය විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචිව ඇති දැයි බලා ගැනීම සඳහා ජංගම දුරකථනයෙන් #132# ඇමතිය යුතුය. එවිට අංක 15කින් යුත් IMEI අංකය දැන ගත හැකිය. මිලදී ගැනීමට බලාපොරොත්තුවන දුරකථනයක් නම් IMEI ලෙස සඳහන් කර හිස්තැනක් තබා අංක 15කින් යුත් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවුඩයක් යැවිය යුතුය.
03. ඔබේ සිම්පත නැතිවුවහොත්
ඔබගේ සිම්පත අස්ථානගත වුවහොත් එය දැනගත් වහාම අදාළ දුරකථන සමාගම අමතා එම සිම්පත අවලංගු කළ යුතුය. එසේම ඒ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ගොනුකළ යුතුය.
04. දුරකථන සමාගමේ ඇමතුම් හා කෙටි පණිවිඩ කරදරයක් නම්
විවිධ දැනුම්දීම් සඳහා කෙටි පණිවිඩ හා ඇමතුම් ලබාදීම සීමා කර ගැනීමට ඔබට අයිතියක් ඇත. ඒ පිළිබඳ ඔබ අදාළ දුරකථන සමාගම දැනුවත් කළයුතුය.
06. සිම්පතක් භාවිත කිරීමේදී කොන්දේසි පිළිබඳ දැනුම්වත් වන්න
දුරකථන සේවා පහසුකම් සලසන සමාගම් එම සේවා සැලසීමේදී ඔබෙන් ගිවිසුමකට අත්සන් ලබා ගනියි. ඇතැම් විටක ඔබ සිම්පත භාවිත කළත් නොකලත් මුදල් ගෙවීමට සිදුවන අවස්ථාවෙයි. ඒ පිළිබඳ ඔබ ගිවිසුම නොකියවා අත්සන් තැබීමෙන් මෙය සිදුවෙයි. ඔබ ගෙවීම් පැහැර හැරියහොත් ඔවුනට ඔබට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගත හැකිය.
07. දුරකථනය අලුත්වැඩියා කිරීමට සිදුවෙයි නම්
ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබාදීමේදී එහි සිම්පත ඉවත් කර බාර දිය යුතුය. එසේ ඔබගේ පුද්ගලික ඡායාරූප / වීඩියෝ පට ජංගම දුරකථනයේ තබාගෙන ඇතිනම් එ්වාද ඉවත් කොට අලුත්වැඩියාවට දීමට තරයේ සිහි තබා ගත යුතුය. එසේම ඔබගේ පුද්ගලික ඡායාරූප / වීඩියෝ ජංගම දුරකථනයේ ගබඩාකොට තබා ගැනීමෙන්ද වැලකී සිටින්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


