01) තුන් වේලටම බත් ආහාරයට ගන්න, තැම්බූ රතු සහල් පෝෂණීය ගුණයෙන්ද සෞඛ්යාරක්ෂිත ගුණයෙන්ද උපරිම වෙයි.
02) පාන්පිටි සහිත ආහාරවලින් සහ කිරිපිටි පානයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න.
මෝල්ට් අඩංගු කිරිපිටි බෙහෙවින්ම දියවැඩියාකාරක ආහාරයක් බව නිතරම සිහියේ තබාගන්න. කිසිම කෘත්‍රිම හෝ ක්ෂණික ආහාරයක් පරිභෝජනය නොකරන්න.
03) පරිප්පු, මුංඇට, කව්පි, කඩල, මෑ වර්ග ආදී ඇට වර්ග හැකි තරම් බත් සමග ආහාරයට එකතු කරගෙන ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගන්න.
04) සත්ත්ව ආහාර වෙත යොමුවන්නේ නම් කුඩා මාළුවලට සහ ඒවායින් වේලන ලද කරවලවලට මුල්තැන ලබාදෙන්න. වියළි හාල්මැස්සන්ගේ පෝෂණ ගුණය අධික වේ.
05) එළවළු අතරෙන් කොළ එළවළු හෙවත් පළාවලට ප්‍රමුඛස්ථානය ලබාදෙන්න.
තද කොළපාට ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා ආදිය සුවිශේෂීය. සෑම වේලකටම කොළ වර්ගයක් එකතු කරගන්න.
06) ගෙවත්තේ වවාගන්නා කෙසෙල්, පැපොල්, අඹ, එළවළු, පළා ආදිය විකුණා කිරිපිටි, පාන්පිටි, සොසේජස් ආදී මස් නිෂ්පාදන, ස්නැක් වර්ග, පැණි බීම සහ කෝඩියල් ආදී රෝගකාරක ආහාර පාන මිලදී ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
උපරිම පෝෂණය සහ සෞඛ්‍ය යහපත ලබාගත හැක්කේ ගෙවත්තෙන් ලබාගන්නා ආහාර වර්ග නැවුම්ව භාවිත කිරීම මගිනි. පරිභෝජනය කළ නොහැකි තරම් ඵලදාවක් ඇතිවිට පමණක් ඒවා විකුණා සහල්, ඇට වර්ග, වියළි හාල්මැස්සන් ආදී ගුණදායක ආහාරයක් එම මුදලෙන් මිලදී ගන්න.
07) කොස්, දෙල්, අල, බතල හැකි තරම් ආහාරයට එකතු කර ගන්න. ඒවා බත්වලට ආදේශකයක් ලෙසත් බත්වලට ඌන පූරකයක් ලෙසත් භාවිත කළ හැකිය.
තොරතුරු . වෛද්‍ය පාලිත සමන් ජයකොඩි