ආහාර කල්තබා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම 07 ක්
ආහාර හිඟයකට මුහුණදෙන විට භාවිතයට ගැනීම සඳහා මිනිස්සු ආහාර අතීත කාලයේදී කල්තියා ගත්හ. පුරාතන යුගයේ සිට මිනිසුන් ඒ පිළිබඳ උනන්දු වෙමින් විවිධ ක්‍රම භාවිත කර තිබේ. මෙසේ පැවැති ඇතැම් පැරණි ක්‍රම අද වනවිට ඉවත් වී ගොස් ඇති අතර, ඇතැම් ක්‍රම අතීතයේ සිට වර්තමානය දක්වාම භාවිතයට ගනියි. මේ එවැනි ක්‍රම 7කි.
තම්බා වේළා ගැනීම
කොස්, දෙල් වැනි දෑ වසර පුරාම නොමැති නිසා අතීතයේ මිනිසුන් ඒවා තම්බා අව්වේ වේළාගෙන පසුව පරිභෝජනයට ගෙන තිබේ. කොස් මදුලු ගලවා, දෙල් සිහින් තීරුවලට කපා උණු දියේ දමා අවුවේ වේළා ගන්නා මේවා %අටු කොස්^, %අටු දෙල්^ ලෙස හඳුන්වයි. කහ ඉඟුරු වැනි දෑද මේ ආකාරයට උණුදියේ දමා අවුවේ වේළා කුඩු කරගත හැකිය.
ලුණු දැමීම
දෙහි, බිලිං, මාළු, ආදියට ලුණු දමා අව්වේ වේළා ගැනීමෙන් කල් තබාගත හැකිය. තෙතමනය නැතිකොට බොහෝවිට බෝතල්වල අසුරා තබා භාවිතයට ගනියි.
මී පැණිවල දැමීම
බොහෝ විට දඩමස් මෙම ක්‍රමයට කල්තබා ගනියි. ආදිවාසීන් විසින් මෙම ක්‍රමය අතීතයේ සිටම අද දක්වා භාවිතයට ගනියි.
දුම් මැස්සක තබා දුම් ගැසීම
පැරැන්නෝ ආහාර කල් තබාගැනීමට මෙම ක්‍රමය බහුලව භාවිත කර ඇත. දුම් මැස්සක එල්ලා හෝ ගබඩා කොට තබා දුම් වැදීමෙන් ඒවා වේළා ගනියි. දුම්වල අඩංගු රසායනික ද්‍රව්‍ය ආහාර තුළට වැදීමෙන් ක්ෂුද්‍ර ජීවීන් ඉවත්වී යෑම හේතුවෙන් ඒවා වියළීමෙන් පසු බොහෝ කාලයක් පවතී. දඩමස්, කරවල මීට උදාහරණයි.
පස් යට හෝ වැලි යට දැමීම
කොස් ඇට, දෙහි, අල වර්ග, අඹ ආදිය වැලි හෝ පස් යට තබා ගැනීමෙන් කාලයක් නරක් නොවී තබාගෙන භාවිතයට ගතහැකිය. වැලි යට දමා තබා කොස් ඇට භාවිතයට ගැනීමේදී ඒවා වැලි කොස් ලෙස හඳුන්වයි.
අච්චාරු දැමීම

මෙම ක්‍රමය අතීතයේ සිට වර්තමානය දක්වා භාවිතයට ගැනෙන ක්රමයකි. විනාකිරි වැනි ආම්ලික ද්‍රාවණයක තබා ගැනීමෙන් අච්චාරු සකස් කර ගනියි. මේවා රසවත් ආහාරයක් ලෙස වර්තමානයේ පරිභෝජනයට ගනියි. මේ සඳහා අමු මිරිස්, වවිධ එළවලු වර්ග, අමු ගස්ලබු ආදිය යොදා ගනියි.
අවුවේ කකාරා ගැනීම
දෙහි යුෂ, විවිධ ඇඹුල් වර්ග අවුවේ තබා කකාරා ගැනීම සිදුකරයි. හිරු රශ්මියෙන් කැකෑරීම තුළින් මේවායෙහි ඇති ජලය ඉවත්කිරීම මෙමගින් සිදුවෙයි. එසේ ජලය ඉවත්වීම නිසා වැඩි කාලයක් බෝතල්වල අසුරාගෙන තබා භාවිතයට ගත හැකිය.
popular news
-
c Saturday, 28 August 2021 07:41 PM
good
Reply : 63 128
R.sampath Thursday, 04 May 2023 01:05 PM
This is very useful page .❤️❤️❤️❤️❤️❤️
Reply : 17 16
බ්ද්ඩ්ග්ඩ්ඩ Tuesday, 29 August 2023 02:52 PM
හොදින් කරනවා.
Reply : 65 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






