01) Techcrunch.com
තාක්ෂණයට හිතැති මිනිසුන්ට නව තාක්ෂණය සහ නව තාක්ෂණික උපාංග සොයා ගැනීමට කදිම වෙබ් අඩවියකි.
තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ නිෂ්පාදන පරිශීලකයාගේ පැතිකඩින් ග්‍රහණය කරගන්නා මෙම වෙබ් අඩවිය තාක්ෂණික තොරතුරු සොයන්නන්ට සෑම පැතිකඩක්ම පාහේ ආවරණය කරගත හැකි වෙබ් අඩවියකි.
02) MKBHD
මාකස් බ්‍රවුන්ලී නම් වූ තරුණයා දශකයකට අධික කාලයක් තිස්සේ සිදුකරන යූටියුබ් වීඩියෝ චැනලය ලොව ප්‍රමුඛතම තාක්ෂණික තොරතුරු දැන්වුම් මධ්‍යස්ථානයකි.
විශේෂයෙන්ම ස්මාට්ෆෝන් උපාංග විචාරයන් ඒ හරහා වැඩි රසික ප්‍රසිද්ධියක් උසුලයි. දැනට අන් තාක්ෂණික වෙබ් අඩවි වෙත අත පෙවීමට නොහැකි මානයන්ට පවා තොරතුරු දැනුම්දීමට එම යූටියුබ් චැනලයට අවස්ථාව ලැබී ඇත.
03) TheNextWeb.com
මසකට මිලියන 07කට අධික පිවිසුම් සපුරන මෙම වෙබ් අඩවියද තවත් තාක්ෂණික පුවත් සැපයුමෙහි ඉදිරියෙන්ම සිටින්නකි.
එහි හුදෙක් තාක්ෂණයම පමණක් නොව ව්‍යාපාරික සහ සංස්කෘතික කාර්යයන් වෙනුවෙන් වන තාක්ෂණයේ මැදිහත්වීම්ද වාර්තා කරමින් මිනිසාට වඩා සමීප තාක්ෂණයන් පිළිබඳව තොරතුරු ගෙන එයි.
04) Wired.com
තාක්ෂණික ලෝකයේ අනාගතයේ නවතාවන් මොනවාද? තාක්ෂණික ලෝකයේ අනාගතය මිනිසාගේ පැවැත්මට කෙසේ බලපායිද? තාක්ෂණික ලෝකයේ මේ මොහොතේ සිදුවන්නේ මොනවාද? යන්න පිළිබඳ දැනගැනීමට රිසි සැමට මෙම වෙබ් අඩවිය මහඟු තෝතැන්නකි.
ඔබේ වැඩකටයුතු වඩාත් පහසු කරගැනීමට තාක්ෂණය භාවිත කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳ මෙයින් අදහසක් ගත හැකිය.
05) Gizmodo.com
තාක්ෂණික ලෝලීන් දිනකට කිහිප වරක්ම පිවිසෙන වෙබ් අඩවියක් වේ නම් ඒ ගිස්මෝඩෝ වෙයි. ඒ එහි තාක්ෂණික තොරතුරු සැපයුම් සියල්ලක්ම පාහේ අන්තර්ගත වන බැවිනි.
ස්මාට්ෆෝන් කරුණු කාරණා මෙන්ම මෙහෙයුම් පද්ධතීන් නව්‍යතාවන්, ගැජට්, ගේම්, සොෆ්ට්වෙයා, ටැබ්ලට්, කැමරා, ස්මාට්ෆෝන්, ඇතුළු සියල්ල එහිදී විමර්ශනයට ලක්වෙයි.
06) Cnet.com
තොරතුරු සැපයීමෙන් ඔබ්බට ගොස් ඔබව තාක්ෂණික දැනුමෙන් පෝෂණය කරන වෙබ් අඩවි වේ නම් මෙම වෙබ් අඩවිය එහි ඉදිරියෙන්ම සිටියි.
පරිගණක, ජංගම දුරකථන, ඡායාරූප, ආරක්ෂණ පද්ධති, තාක්ෂණික සංස්කෘතීන්, තාක්ෂණික කර්මාන්තය, අන්තර්ජාලය, තාක්ෂණික ව්‍යාපාර සහ දැවැන්ත සමාගම් යනාදී දේ පිළිබඳ සියල්ල මෙහි කියැවෙයි.
07) Theverge.com
තාක්ෂණික ලෝලීන් නිතර යනෙන තවත් තැනක් ලෙසින්ද 'වර්ජ්' වෙබ් අඩවිය දැක්විය හැකිය. එහි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගිය තාක්ෂණික විචාරයන් වෙනුවෙන් රිසි විශාල පාඨක පිරිසක් සිටිති.
එය හුදෙක් තොරතුරකින් පෝෂණයි කිරීමෙන් ඔබ්බට ගොස් දැනුම ලබාදීමක් සිදුකරන වෙබ් අඩවියකි. ඒ නිසා එය තාක්ෂණික ලෝලීන්ට වඩා තාක්ෂණික ලෝකයේ නියැළෙන්නන් පිවිසෙන වෙබ් අඩවියක් ලෙස දැක්විය හැකිය.