අතීතයේ කොළඹ පිළිබඳ තොරතුරු 7ක්
- 4 01 2018
- 09:56
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. නෝර්ත් ආණ්ඩුකාරවරයාගෙන් පසුව මෙරට ආණ්ඩුකාරවරයා වූ තෝමස් මෙට්ලන්ඩ් සිය ගම්බද නිවස ලෙස තෝරාගෙන ඇත්තේ ගල්කිස්සේ මන්දිරයකි. එය වර්තමානයේ ගල්කිස්ස මහ හෝටලයයි.
02. කොළඹ කොටුවෙන් ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටියේ කොම්පඤ්ඤ වීදියයි. මේ ප්‍රදේශය එදා ජලයෙන් වට වු ප්රදේශයකි. මෙහි භූමි ප්‍රමාණය අක්කර 313කි. මෙම ප්‍රදේශයට යා හැකි ප්‍රධාන මාර්ගය වූයේ යූනියන් පෙදෙසයි. ප්‍රධාන වශයෙන් තේ කොළ කර්මාන්ත ශාලා පිහිටියේ ෙමම ප්රදේශයෙහිය.
03. 1827 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් කළ ජන සංගණනයකදී කොළඹ කොටුවේ ජනගහනය 854 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, නිවෙස් 205ක් බව වාර්තා වෙයි.
04. අද මෙන් නොව අතීතයේ පිටකොටුව ඉතා සුන්දර පිරිසුදු විශාල ප්‍රදේශයක් විය. අලංකාර නිවෙස් හා ගෙවතු පිටකොටුවේ තිබී ඇත. එකිනෙකට සරල සමාන්තරව දිවෙන දිගින් සැතපුම් භාගයක් තරම් වූ වීථි පහක් ද, ඒ වීථි හරහට සෘජු කෝණාකාරව වැටී ඇති තවත් වීථි පහක් ද, දක්නට ලැබුණු බව ජේම්ස් කොර්ඩිනර් ක්‍රි.ව. 1807 දී සඳහන් කර ඇත.
05. පිටකොටුවේ ඇතැම් මාවත් පටු වුවද, ඉන් පිටත ප්‍රදේශයන්හි මාවත් සැතපුම් දෙකක් පමණ දුරට ඒවා විය. වඩු කාර්මිකයෝද, පට්ටල්කරුවෝද, කාර්මික ශිල්පීහු ද, මුතු මැණික්ද වෙළෙඳාමේ නියුතු වෙළෙන්දෝ මැලිබන් වීදිය හා කෙයිසර් වීදිය යන ප්‍රදේශවල වාසය කර ඇත.
06. ගෝල්ෆේස් හෝටලයත් රැජින වීදියත් අතර වූ ගෝල්ෆේස් පිට්ටනිය සාදා ලද්දේ ශ්‍රීමත් හෙන්රි වෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසිනි. එය ආරම්භ කර ඇත්තේ 1859 දී ය.
07. බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේදී මෝදර ප්‍රදේශය නවීන සිරිත් විරිත්වලට අනුව ජීවත් වූ ජනතාවක් ජීවත්වී ඇත. එ් අතර අගවිනිසුරු ශ්‍රීමත් විලියම් කොක් යන අයද වාසය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


