කොළඹ රාජකීය හා ගල්කිස්ස ශා. තෝමස් දෙවිදුහල් අතර පැවැත්වෙන නිල් මහා සටන මහා ක්රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විටදී සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටන ශා. තෝමස් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 4 ක් දැවී ලකුණු 255 ක් රැස් කරගෙන ප්රභල තත්වයක සිටියහ. ඒ රාජකීය විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ ලකුණු 255 ට පිළිතුරු වශයෙනි. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ උප නායක රවිදු කොඩිතුවක්කු ලකුණු 98 කට දැවි ගියේය. එමෙන්ම සිතර හපුහින්න නොදැවී ලකුනු 54 ක් ලබා සිටියි.
හෙට (11) තරගයේ තෙවැනි දිනයයි.
ඡායාරූප අනුග්රහය - රාජකීය විදුහල් ඡායාරූප සංගම් ෆේස්බුක් වෙබ් අඩවිය