රජයේ සහතික මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට නීති මගින් කටයුතු කිරීම සඳහා සිදුකරන මෙහෙයුම්වලදී දින 07ක කාලයක් තුළ වෙළෙඳුන් 450කට අධික ප්‍රමාණයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය විසින් රට පුරා මෙම මෙහෙයුම සිදුකරනු ලබන අතර පසුගිය 15 වන දින සිට මෙය ක්‍රියාත්මක කරනු ලැබීය.
ජනතාවට සහන ලබාදීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 16කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 14 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණි.
එහෙත් පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන බවට ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩි මිලට භාණ්ඩ අලෙවි කරනා වෙළෙඳුන්ට පාරිභෝගික පනත මගින් කටයුතු කිරීමට මෙහෙයුම දියත් කරනු ලැබිණි.
මේ අනුව විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 450කට අධික ප්‍රමාණයකට මේ වනවිට නීතිය ක්‍රියාත්මක කර තිබෙන අතර, මෙම පිරිස ලබන සඳුදා සිට අදාළ බලප්‍ර‘දේශවල අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබේ.