අම්බලන්තොට නගරයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙකු (50) විසින් තම නිවසෙහි ඌරු මස් සහ මුව මස් විකිණීමට ළඟ තබාගෙන සිටියදී අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ගුරුවරයා විසින් මස් විකිණීමේ ජාවාරම සිදුකරන බවට අම්බලන්තොට පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත ගුරුවරයාගේ නිවස පොලිස් නිලධාරීන් විසින් සෝදිසි කරන ලදී. එහිදී අධිශීතකරණයක බහා තිබූ මුව මස් සහ ඌරු මස් කිලෝ 20ක ප්‍රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු, මස් සහ අධි ශීතකරණයත් සමග හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 20,000 ක දඩ නියම කර ඇති අතර, අධිශීතකරණය රාජසන්තක කර ඇත.
රාහුල් සමන්ත - හම්බන්තොට