අධිවසංගත තත්ත්වයක් බවට පත්වී තිබෙන ඩෙංගු උවදුරට ලක්වූවන්ගේ ප්‍රමාණය පැය 72ක්තුළ 1165කින් ඉහළගොස් තිබේ. පසුගිය 24 වැනිදා සිට ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 19,566ක් වූ අතර, අද (27දා) දින වනවිට එම ප්‍රමාණය 20,731 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම රෝගීන්ගෙන් 47.61%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.