සංචාරක ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැති පර්ත්හිදී අද (17දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් ජය පැරදුමින් තොරව අවසන් විය.
මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ තරගය නිමාවන විටදී කඩුලු 02ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියහ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 559 ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙසින් නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 624 ක් රැස් කළහ.
කෙසේ නමුත් ලකුණු 85 ක් පසුපසින් තරගය ආරම්භ කළ ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 385 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීය. කෙසේ වෙතත් අද දිනයේ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, තරගයේ වීරයා සම්මානය තරගය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ නවසීලන්තයේ රොස් ටේලර්ට හිමි විය.
කෙසේ නමුත් තරගාවලියේ පළමු තරගය ජයගත් ඔස්ට්‍රේලියාව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියි. මේ අතර මෙම තරගයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.