උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. අද (18දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.