උතුරු පළාතේ පළමු වරට ඉදිකළ ප්‍රථම තණතිලි විකට්ටුව (Turf Wicket) යාපනයේ ශාන්ත පැට්රික් විදුහලේදී අද (29දා) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ අදහසක් අනුව මෙම විකට්ටුව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් වැයකර තිබෙන අතර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන පහක් වැයකර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. විකට්ටුව හා ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබාදී තිබේ.
මේ අවස්ථාවට සමගාමීව ප්‍රදර්ශන විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතර ඒ සඳහා සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, නිරෝෂාන් බණ්ඩාරතිලක හා ලංකා සිල්වා එක්වීමට නියමිතය.