දිවයිනට බලපා ඇති අයපහත් කාලගුණය හේතුවෙන් අද පස්වරුවේදී නාය යෑමක් හේතුවෙන් කාත්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලැබීය.
වඳුරඹ, කොකාවල ප්‍රදේශයේ නිවාස දෙකක් නාය යෑමකට ලක්වීමෙන් මෙසේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවක් තුවාල ලැබීය.
මේ අතර පවතින වැසි සහිත තත්තවය අනුව නිල්වලා, ගිං හා හා කලු යන යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව පහත් ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලී සිටියි.
එසේම අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කලුතර, කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කය වෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.