හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම සඳහා නාමයෝජනා ලබාදීමට තීරණය කර තිබේන බව හිටපු පා.ම දිනේශ් ගුණවර්ධන මහතා අද(03) අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍යහමුවකදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතිබවඳ එහි සදහන් දැ ද ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ සුලුතර එජාප ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කීරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරන බවඳ මෙහිදී අදහස් දක්වමින් පා.ම විමල් වීරවංශ මහතා පැවසීය. නුගේගොඩින් ඇරඹි ජනතා බලවේය ජයග්‍රහණය කළ බවඳ මෙහිදී අදහස් දක්වමින් පා.ම වාසුදේව මහතා පැවසීය.
නිකුත්කළ මාධ්‍ය නිවේදනය
සමිත් බෝධිපක්ෂ