මහ බැංක අධිපති අර්ජූන් මහේන්ද්‍රන් මහතා රටින් පැනගොස් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අභයාරාමයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කීවේ අධිපතිවරයා රටින් පිටව ඇත්තේ පැදුරටවත් නොකියා බවයි.
පසුගිය 27 දා ඔහු රටින් පිටව ගොස් ඇත්තේ එමිරේට්ස් ගුවන් යානයකින් බවත්, රටින් පිටව ගිය බවට මහ බැංකුවට දැනුම්දී ඇත්තේ 30 වැනිදා බවත් ඔහු පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකුට මහ බැංකුවේ කටයුතු පවරා නොදී මහා අධිපතිවරයෙකු රටින් පිටව ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවත් ඔහු පැවැසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මගින් මහ බැංකු අධිපතිවරයාගේ විදේස් ගමන් තහනම් කර තිබියදී අධිපතිවරයා රටින්පිටවීම ගැටලු බවත් ඔහු පැවැසීය.