පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන්ට ජනප්‍රිය පාසල්වල අවස්ථාව වැඩි කිරීමට තීරණය කර ඇති බැවින් ප්‍රධාන පාසල්වල කඩඉම් ලකුණු ප්‍රමාණය එක් ලකුණකින් පහළ යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ශිෂ්‍යත්ව සමතුන්ට ඇතැම් ජනප්‍රිය පාසල්වල ලබාදිය හැකි අවස්ථා තවදුරටත් වැඩි කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වී තිබේ.
ඒ අනුව පසුගියදා නිකුත් කළ පාසල් කඩඉම් ලකුණු අනුව සිසුන්ට ලැබී ඇති පාසල් වෙනස් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයින පුරා පිහිටි ජනප්‍රිය යැයි සැලකෙන පාසල් සියල්ල ආශ්‍රිතව පවතින තොරතුරු අධ්‍යයනය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින නිලධාරීන්ද දැනුම්වත්ව බොහෝ සිසුන් පිරිසකට මීට පෙර වසරවලදී අවස්ථා අහිමි වී ඇති බව පැහැදිලි වී ඇතැයිද සඳහන් වෙයි.
කොළඹ නගරයේ ඇති ප්‍රධාන පාසලක් ලෙස සැලකෙන රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා පවතින පන්ති 14 න් 04 ක් ශිෂ්‍යත්ව සමතුන්ට වෙන්කර ඒ සඳහා ආසන්න වශයෙන් සිසුන් 180 දෙනෙකු මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යොමුකර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් දිනකදී සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ 6 ශ්‍රේණියේ පවතින පන්ති 14 වෙනුවට 7 ශ්‍රේණියේ සිට තවත් අමතර පන්තියක් එක්කර ඇති බවයි.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට මවුපියන්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඇමතිවරයා නියෝග ලබා දී ඇත්තේ එම අමතර පන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි 06 වැනි ශ්‍රේණියේ සිට පවත්වාගෙන යන ලෙසයි.
ඒ අනුව රාජකීය විද්‍යාලය සඳහා හය ශ්‍රේණියේ මෙතෙක් සිටි සිසුන් 180 දෙනා වෙනුවට 220 දක්වා තවත් 40 දෙනෙකුට අවස්ථාව හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ තොරතුරු පමණක් නිවැරදිව අනාවරණය වී තිබෙන අතර, කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි ජනප්‍රිය පාසල්වල තොරතුරු සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය කියයි.
මේ අකාරයට තවත් පාසල් රැසක පවතින පුරප්පාඩු සොයා බලා 2015 වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අවස්ථාව ලබාදෙන ලෙසද ඇමතිවරයා නියෝග කර තිබේ.