ගෘහසේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ වයස් සීමාව අවුරුදු 25 සිට අවුරුදු 22 දක්වා අඩු කිරීමට විෂය භාර ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (31දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, වයස් සීමාව අඩු කිරීමෙන් තරුණ කාන්තාවන් විදෙස්ගත වීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇති බැවින් එතුළින් සමාජයට අහිතකර බලපෑමක් සිදුවන බවයි.
කාන්තාවන්ගේ විදෙස්ගත වීම හැකි නම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ජනාධිපතිවරයාට පක්ෂව තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වූ අතර, රජයේ ප්‍රතිපත්තිය එය නම් එයට තමාද අනුගත වන බව අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.
එසේම කාන්තාවන් විදෙස්ගත වීම හා ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තලතා අතුකෝරල මහත්මියද ඇතුළුව කමිටුවක්ද පත්කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන ලදී. කාන්තාවන් විදේශගත වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාවක් වේදැයි සොයා බලන ලෙසද ජනාධිපතිවරයා ෙමම කමිටුවට දන්වා තිෙබ්.