හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ දී ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළීබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන ප්‍රකාශය මගින් ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක්කර ඇතැයි ජාතික හෙළ උරුමයේ මාාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශයක් කරමින් පවසයි.
ඊයේ (14දා) කොළඹදි පැවැති උත්සවයකදි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමාට හෝ කැබිනට් මණ්ඩලයට කරුණු කීමට අවස්ථාවන් නොදී මෙම නියෝගය ලබා ගෙන ඇති බවත් ඊට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලයේ අධිකරණ කටයුතු අංශයෙන් උපදෙස් ලබාගන්නා බවයි.
මෙය ලංකාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය අභියෝගයට ලක්කිරීමක් බව පවසන ජාතික හෙළ උරුමය එය නීතියේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමඒ බවද පවසයි.