අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
බර්මියුඩා සිට බොස්ටන් බලා පියාසර කරමින් තිබියදී සෙනසුරාදා අතුරුදහන් වූ වෛද්‍ය ප්‍රවාහන ගුවන් යානයක සිටි පුද්ගලයින් හය දෙනාම මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව එම ගුවන් යානය ක්‍රියාත්මක කළ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මැසචුසෙට්ස් හි දූපතක් වන නැන්ටකට් වෙරළට ඔබ්බෙන් සිදු කළ දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ මෙහෙයුම අවසන් කරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ඉරිදා සන්ධ්‍යාවේදී ප්‍රකාශ කළේය.
"Heartbeat 104 යානයේ ගමන් ගත් අපගේ 'Latitude' කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනා, රෝගියා සහ රෝගියා සමඟ ගමන් කළ පවුලේ සාමාජිකයා යන සියලු දෙනාම මියගොස් ඇතැයි විශ්වාස කිරීමට සිදුවීම පිළිබඳ කණගාටුදායක යථාර්ථයට අපට දැන් මුහුණ දීමට සිදුව තිබේ," යනුවෙන් 'Latitude Air Ambulance' සමාගම ඉන් මඳ වේලාවකට පසු නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
"අපගේ සිත් තුළ මුල්ම සහ ප්‍රධානතම ස්ථානය හිමිවන්නේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ආදරණීයයන්, මිතුරන් සහ සගයන් වෙතය."
සෙනසුරාදා උදෑසන දේශීය වේලාවෙන් 01:00ට (GMT වේලාවෙන් 05:00ට) මඳ වේලාවකට පසු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් Gulfstream G-100 වර්ගයේ එම ගුවන් යානය සමඟ පැවති සන්නිවේදන සම්බන්ධතාවය ගිලිහී ගියේය.
සෙනසුරාදා සන්ධ්‍යාවේදී, අදාළ ගුවන් යානයට අයත් බව තහවුරු වූ සුන්බුන් විසිරී ඇති ස්ථානයක් (debris field) බලධාරීන් විසින් සොයා ගන්නා ලදී. එහි කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ බර්මියුඩා ජාතිකයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
