Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
තවත් නව වසරක් උදා විය. ගෙවී ගිය වසරටත් වඩා දල්වාගත් අපේක්ෂාවන්ගෙන් රට දෙස බලා සිටින වසරක් ලෙස ජනතාව තමන්ට දැනෙන දේ සංවාදයට ලක් කරති.
ජීවන වියදම
ජීවන වියදම ආණ්ඩු වෙනසක් වෙනුවෙන් බලපෑ ප්‍රබල සාධකයක් ලෙස දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම ගෙවුණු අවුරුද්දේ විපක්ෂය විසින් අමුමිරිස් කරල, බෝංචි කරල, රතුලූනු ගෙඩිය, පාන් ගෙඩිය ආදිය ප්‍රදර්ශනය කරමින් කළ මාධ්‍ය සංදර්ශන නව විපක්ෂයට පැවරීම නව වසර හමුවේ නව ආණ්ඩුව ඉඩ නොතැබිය යුතු යැයි ජනතාව පෙන්වා දෙති. අපට අවශ්‍ය අත ලෙව කෑමට නොව කුස පිරෙන්නට බත් කෑ හැකි ආණ්ඩුවක් යැයි ඡන්දය දුන් ඇත්තන්ගේ මැසිවිල්ල නව අවුරුද්දේ නව ආණ්ඩුවට අභියෝගයකි.
ජාතික නිෂ්පාදනයට අත දීම
ගොවියාට සහ වගාකරුවාට නිසි මිලක් යන පදනමෙන් බැහැරව සහ වෙළෙඳ පොළ කළමනාකරණය හමුවේ ආණ්ඩුවේ බුද්ධිමත් මැදිහත්වීම වෙනුවෙන් වගකිවයුතු ආයතන සම්බන්ධීකරණයක අවශ්‍යතාව ජනතාව දක්වති.
එහිදී ඥාති මිත්‍රකම් මෙන්ම ආණ්ඩු බලයට පත්කරවන ව්‍යාපාරිකයන් මත තවදුරටත් යැපෙන්නේ නම් එය මීළඟ මහ මැතිවරණයේදී විපක්ෂයට වාසියකැයි බඩු මල්ල අතට ගත් ජනතාවගේ චෝදනාව පාලකයන්ට දැනෙන්නේ නම් එය නව වසරේ ඔවුන්ට සුභ ආරංචියකි.
ජන ජීවිතයේ අර්බුදය තේරුම් ගැනීම
ආණ්ඩුව පත්කිරීමට ජාතිවාදය අවුස්සා එයට අනුබල දුන් ගිහිපැවිදි ඇත්තන් දැන් මුනිවත රකින්නේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වී අවසාන නිසාදැයි ජනතාව ආණ්ඩුවෙන් අසති.
වැට් අඩු කළා කී පමණින් හෝ බදු සහන දුන්නා යන ප්‍රකාශයෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි තරමට ජීවන වියදම ඉහළ යාම පාලනය නොවන බව කතිරයට වටිනාකමක් ඉල්ලන ජනතාවගේ නව වසරේ අපේක්ෂාවන් අතර වේ. බදු අඩු කළාට බඩු අඩු නැතැයි ගතවූ සතියේ රංගෙ බණ්ඩාර තහවුරු කළේය.
දැන් නොමිලේ පොහොර ලැබෙනවාදැයි විපක්ෂයේ සිටි මහින්ද ගතවූ මැතිවරණ වේදිකාවේ ඇසූ පරිදිම ඉකුත් සතියේ විපක්ෂය නියෝජනය කරන සජිත් අනුරාධපුරයේදී ප්‍රශ්න කළේය. දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටුකිරීම නව වසරේ නව රජයට ඇති විශාල අභියෝගයක් ලෙස දේශපාලන නිරීක්ෂකයෝ සිහිපත් කරති.
නීතිය ශක්තිමත් කිරීම
නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය තහවුරු කිරීම වත්මන් රජයට අභියෝගයක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. ගෙවී ගිය යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා හොරුන් යැයි හුවා දැක්වීමේ උත්සාහය මත ව්‍යාජ චෝදනා එල්ල කරමින් ගෙතූ ව්‍යාජ නඩු ගැන ජනතාවට ඇත්තේ කලකිරීමකි.
දින පනස් හයේ ආණ්ඩුව පැවසූ පරිදි බැඳුම්කර වාර්තා සියල්ල අපි සතියකින් එළියට දමනවා යැයි පැවසුවද සති අටක එම ආණ්ඩුව එය එළියට නොදැමීමේ රහස පිළිබඳ වත්මන් විපක්ෂය විමසති.
නමුත් එදා එජාප සමයේ මෙන් පාට පක්ෂ අනුව හොරුන් තේරීමට යාමෙන් සැබෑ හොරා නොව බොරු හොරුන් ලෙස නිදොස් මිනිසුන් හංවඩු ගැසීමේ අවදානමද නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ආයතන ප්‍රතිසංවිධානය
ඒ අතර පරණ හොරුන්ට ආයතනයන්හී අලුත් මහ පුටු ලබානොදීමට ජනාධිපතිවරයා ගත් ප්‍රශංසනීය යෝජනාව යථාර්ථයක් කිරීමට ඇති වගකීමද ජනතාව අවධාරණය කරති. අලුත් අවුරුද්දේ මහ මැතිවරණයට පෙර සහ පසු සිදුවන ඇමති මණ්ඩල සහ ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී ජනතා විශ්වාසය තහවුරුවන පරිදි එය සිදුවිය යුතු බවට ජනතාව ගෙවුණු අත්දැකීම් ඇසුරෙන් අවධාරණය කරති.
‘‘නීතිය සැමට එකයි. මහින්ද රාජපක්ෂ පාඨලී සිදුවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ජනතාවගේ ඇගයුමට ලක්ව ඇත. එහෙත් රතන හිමි පැවසුවේ බැඳුම්කරය වෙනුවෙන් කිසිදිනෙක රනිල් අත්අඩංගුවට නොගන්නා බවට කතාවකි.
ජනතා ආණ්ඩුව දැඩි අවබෝධයෙන් කටයුතු කළහොත් දූෂණයට ලක්වූ විශාල මුදලක් ජනතාව වෙනුවෙන් ඉතිරි කරගැනීමට නව වසරේදී හැකි වනු ඇත. අවස්ථාව ජනතාව අපේක්ෂා කරති.
යුක්තිය ඉටුවන බව දැකීම
අධිකරණ කටයුතු ඉක්මන් කිරීම නව ආණ්ඩුවේ අලුත් අවුරුද්දේ වගකීමකි. යුක්තිය ඉටුවීම ප්‍රමාද වන තරමට රටේ අපරාධකරුවන්ට නිදැල්ලේ තම කටයුතු කරගෙන යාමට ඇති අවස්ථාවද වැඩි වෙයි.
නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමත් එෆ්සීඅයිඩිය හෝ එවැනි ආයතන කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමත් නඩු කටයුතු ඉක්මන් කිරීමට අනුබලයකැයි නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති.
එහෙත් දේශපාලන වාසි ලබාගැනීමේ යටි අරමුණ මත ගතවූ කාලයේ මෙන් ඇතැම් සංවිධාන සහ කණ්ඩායම් විසින් ඇතැමුන්ට නඩු පැවරීම, නඩු විග්රහ කිරීම, චෝදනා එල්ල කිරීම, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම තුළින් නීතිය එකිනෙකාට රිසි සේ ගළපා ගැනීමට යාමෙන් නීතිය සමච්චලයට පත්කිරීමට ගන්නා නොමනා උත්සාහයන් කෙරෙහි යම් වාරණයක අවශ්‍යතාව ජනතාව නව වසර තුළ රජයෙන් අපේක්ෂා කරති.
ව්‍යවස්ථාදායකයේ උත්තරීතර බව
රටේ ජනතාවගේ විනය රැකීමට පාර්ලිමේන්තුව ආදර්ශයක් දිය යුතුය. ගෙවී ගිය යහපාලන ආණ්ඩු සමයේදී සියයකට වැඩි යම් යම් අණපනත් සැකසීම හෝ සංශෝධනයන් සිදුවී යැයි ඇතැම් පුවත් සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් සම්පාදනය කළ ඒවා ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.
විධායකයට දිරියක් වීම
විධායකයේ කාර්යභාරය සුළුකොට තකන තැනට පත්කිරීමට උත්සාහ නොකළ යුතු යැයි සියල්ල දෙස බලා සිටින මධ්‍යස්ථ ජනතාව පවසති.
වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා යාම වෙනුවට එහි වැරදි නිවැරදි කිරීමට ජනාධිපතිවරයා කාර්යාලයේ රැඳී පොදු ආයතන සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ ක්රමයක අවශ්‍යතාව ජනතාව අවධාරණය කරති.
සංවර්ධනය එක් එක් පළාත්වලට සීමා කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මානව ගරුත්වයට සැලකීමක් ලෙස ජනතාව දකිති. ඒ ඒ ජනාධිපතිවරුන් තමන් නියෝජනය කරන පළාත පමණක් සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව ලබාදීමෙන් සෙසු ප්‍රදේශවල ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලුවට ලක් නොවන්නේදැයි කලක සිට ජනතාව ඇසූ පැනයකි. එයටද නව වසරේ ජනාධිපතිතුමාගේ සැලසුම් සම්පාදනයේදී මූලිකත්වය දීමේ වැදගත්කම දේශපාලන නිරීක්ෂකයෝ අවධාරණය කරති.
රජයේ ඉහළ නිලධාරීන් අතරින් හැමදාමත් ඇසුණේ මහ පුටුවෙන් ලැබෙන නියෝග බැහැර කළ නොහැකි නිසා ඒවා ක්‍රියාත්මක කරන බවට වන තර්කයකි.
පුද්ගලයාගේ භෞතික සංවර්ධනය තෙවනුවට තබා ආධ්‍යාත්මික සහ ආර්ථික සංවර්ධනයට අදාළව නව වසරේ සිට සැලසුම් සම්පාදනයට නිලධාරීන් මෙහෙයවීමේ අවශ්‍යතාව සමාජ සංවර්ධකයෝ පෙන්වා දෙති.
ව්‍යවසායකත්වය සහ සංවර්ධනය
ඡන්ද ඉලක්ක කර අනුගාමිකයන් උදෙසා අතන මෙතැන බිහිවන ව්‍යාපෘති නොව කැබිනෙට්ටුව සහ පාර්ලිමේන්තුව සම්මත කර පිළිගන්නා අණපනත් යටතේ වන සංවර්ධන සැලසුම් සඳහා ආධාර සහ ණය ලබාදීමේ අවශ්‍යතාවද ප්‍රජා සංවර්ධකයෝ අවධාරණය කරති.
ග්රාමශක්ති, ගම්පෙරළිය, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැනි ප්‍රජාපාදක සේවාවන් ඒ ඒ අගමැති ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික න්යායපත්ර බවට පත්වීමේ අවදානම නව වසරේ අලුත් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම්වලදී අවධාරණය කළයුතු කරුණකැයි ඔවුහු පවසති.
මේ වනවිටත් පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ ඇතැම් මුදල් ගෙවිය යුත්තන්ට ගෙවා නැති බවටත් ගම්පොළ ප්‍රදේශයේ ගම්පෙරළිය රන් මාවත් වැඩසටහන් යටතේ කළ මාර්ග පුවරු පෙරළා දැමීමත් ගෙවූ සතියේ ඇසුණු පුවත් අතර ෙවයි.
නව නිර්මාණකරුවා සමග දේශීය කර්මාන්ත ගොඩනැංවීම
රට පුරා නව නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන එළිදැක්වීමේ හැකියාව පෙරට වඩා ඉහළයාම අගය කළයුතුව ඇත. විදේශීය වෙළෙඳපොළ පදික වේදිකාවේ සෙල්ලම් බඩුව දක්වාම ආක්‍රමණය කළ තැනක දේශීය නව නිර්මාණකරුවන්ට අතහිත දීමෙන් රටේ සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තයන්ට ඇති අවකාශය පුළුල් කළ හැකි පසුබිමක් නව වසරේදී එම කර්මාන්තයන් ගේ නියුතු වූවෝ අපේක්ෂා කරති.
වියපත් වැඩිහිටි ජනතාව
2025 වන විට මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් බවට පත්වනු ඇතැයි රජය පෙන්වා දෙයි. එහෙත් අදටත් වැඩි වන වැඩිහිටි ජනගහනය වෙනුෙවන් කළේ කුමක්දැයි විමසූ විට අදාළ බලාධිකාරයන් පවා නිරුත්තරයැයි අත්දැකීම්වලට මුහුණදුන් වැඩිහිටියෝ පෙන්වා දෙති.
මහජන ආයතන ශක්තිමත් කිරීම
පාරිභෝගික අධිකාරිය බලගැන්වීම නව වසරේ සිදුවන්නේ නම් වෙළෙඳපොළ ආක්‍රමණය තුළ සිදුවන පීඩනයන් අවම වනු ඇත. පාරිභෝගික අධිකාරිය හාල්මැස්සන් මිස තෝරුන් මෝරුන් අල්ලන්නේ නැත. පාරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙඳපොළ ගිලගෙන ඇතැයි ගෙවුණු වසරේ චෝදනාවකි. ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් ජනතාවගෙන් මැසිවිල්ලකි.
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 1714ක් ඉකුත් සතියේ අධිකරණයට ඉදිරිපත් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය අනාවරණය කළේය.
සංවර්ධනයේ පදනම උදෙසා සහජීවනය
මහ මැතිවරණයක් අත ළඟ නිසා ජාතිවාදය ආගම්වාදය නැවත ඇවිස්සෙනු ඇතැයි විපක්ෂයෙන් බරපතළ චෝදනාවකි. සිවාජිලිංගම්ලා අදටත් රහස් පොලීසියට පැමිණෙන්නේත්, විග්නේශ්වරන්ලා හිටි අඩියේ සිංහලයා මහ ජාතිය නොවන බවට නඟන ව්‍යාජ හඬ යටපත් කිරීමත් නව වසරේ අභියෝග අතර පවතී.
ජාත්‍යන්තර විශ්වාසය
ජිනීවා සහ ජාත්‍යන්තර විශ්වාසය පිළිබඳ අර්බුදය ස්විස් සිද්ධියෙ නැවත ගින්නක් බවට පත් කළේය. පශ්චාත් යුද සමය සහ අවතැන්වූවන්ද සරණාගතයන් මෙන්ම උගත්පාඩම් පිළිබඳ වාර්තා නැවත ඇවිස්සීමට දෙමළ ඩයස්පෝරාව පමා නොවනු ඇත.
කල්මැරීම නොව අප්‍රමාදව නිදොස් විසඳුම් කෙරෙහි යොමු වීමට ආණ්ඩුව නව වසරේ ගන්නා උත්සාහය යුද්ධය අවසන් කළ නායකයන්ට එතරම් අසීරුවක් නොවනු ඇතැයි ජාත්‍යන්තරයට පෙන්වීම නව වසරේ ආණ්ඩුවට ඇති ප්‍රධාන අභියෝගයකි.
ස්වාභාවික විපත් සහ අනපේක්ෂිත උවදුරු සඳහා සූදානම් වීම
නියඟය, වර්ෂාව, නාය යාම්, සුළිසුළං ආදී වශයෙන් ස්වාභාවික විපත් ලංකාව ගිලගත් බව ගෙවුණු කාලය විමසන අගතියට පත් ඉලක්ක පාර්ශ්වයෝ අවධාරණය කරති. කාලගුණයෙන් සිදුවන ස්වාභාවික විපත් සම්බන්ධයෙන් අරමුදලක් මෙන්ම එහිලා ප්‍රාදේශීය මට්ටමෙන් පුහුණු ස්වේච්ඡා කණ්ඩායම් සූදානමින් තැබීමේ අවශ්‍යතාව ජනතාව දක්වති.
නියං සහ වර්ෂාව නිසා ඇතිවන හානි වෙනුවෙන් ජනතාවගේ මුදලින් වන්දි ගෙවීම වෙනුවට ඒ ඒ වගාකරුවන් අතරද යම් සුරක්ෂිත සහ ප්‍රවර්ධන අරමුදලක් පිහිටුවීම යෝජනාවකි. එය වගාකරුවාට මෙන්ම රජයටද අනුබලයක් වනු ඇතැයි ප්‍රජා සංවර්ධකයෝ පවසති.
වනඅලි තර්ජනය ජනතාවට තවත් කරදරයක් වූ මර උගුලකි. අලි ප්රශ්නය අල වෙන්නට නොදී නව සැලසුම් සකස් කිරීමට නව ඇමතිවරයාට හැකි විය යුතු යැයි ජනතාව පවසති. ඒ මෙයට පෙර මහින්ද ආණ්ඩුව සමයේද වත්මන් අදාළ ඇමතිවරයා අලි සංගණනයකින් එම කටයුත්ත ආරම්භ කළ නිසා යැයි අලි තර්ජනයට ලක්වූ ප්‍රදේශයන්හි ජනතාව පවසති.
ජනමතය
ජනතාව ආණ්ඩුව වෙනස් කළේ ඇයිදැයි බලය දිනාගත් පිරිස් නොදන්නවා නොවේ. දරුවාට රැකියාවක්, ස්ථාන මාරුවක්, ඉඩම් කොටසක්, නිවාසයක් ඒ අතර විය. දැන් ඒවා ඉටුකරන තුරු ජනතාව බලා සිටිති.
එහෙත් ගෙවී ගිය මාස එකහමාරක කාලය තුළ දුන් පොරොන්දු ඉටුකිරීම කෙරෙහි ජනාධිපතිවරයා ගත් ප්‍රශංසනීය පියවර ජනතාව අඩු තක්සේරුවට ලක් නොකරති. නමුත් මේකත් අරක වගේ තමයි යනුවෙන් ඇසෙන තැන්ද නැතිවා නොවේ. එසේනම් වෙනස සහ එහි රැඳුණු ජනතා අවශ්‍යතාව තක්සේරු නොකර නව වසරේ ආණ්ඩුවට දිගු ගමනක් යා නොහැකි බව ඡන්දය දුන් පිරිස දක්වති.
මහ මැතිවරණය කට ළඟය. පළාත් සභාවත් අත ළඟය. ජනතාවගේ ජයග්‍රහණය තවත් බොහෝ දුරදැයි සිදුවන දේ අනුව ජනතාව විමසති. ෙභ්දයෙන් තොරව එක්වී යුද්ධය දිනාගත් ආකාරය ජනතාව අවධාරණය කරති. එහිලා නායකත්වය ගත් ඇත්තන් වැඩි මනාපයෙන් රට ගොඩගැනීමට ජනතාව පත්කරගත්තේද එනිසා යැයි ඡන්දදායකයෝ අවධාරණය කරති.
එසේනම් ලැබුවා වූ නව වසරේ කළයුත්තේ එකිනෙකාගේ කකුලෙන් ඇදීම නොව අතට අත දිගුකර හදවතට හදවතින්ද බුද්ධියට බුද්ධියෙන්ද ආමන්ත්‍රණය කරමින් ලැබුවා වූ නව වසර සුභ වසරක් බවට පත්කර ගැනීමට ආණ්ඩුව මූලිකත්වය ගැනීමය.
ඡන්දදායකයාට පාලකයන් උදෙසා මනාපය දිය හැකිය. එහෙත් ජනතාවට රට පාලනය කළ නොහැකිය. නියෝජිත ප්රජාතන්ත්රවාදය නමින් ඡන්දය දුන්නේ ඒ ටික කරගැනීමටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd