ලෙබනනයේ , දාහියා ප්‍රදේශයේ රැකියාව සඳහා ගොස් සිටි ඒ.එම්.පොඩිමැණිකේ නැමැති කාන්තාව, එරට දී දැඩි ලෙස රෝගාතුර වී, බීරෑට් හි රෆීක් හරිරි රොහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

ඇය පිළිබඳව කිසිදු තොරතුරක් ඇයගෙන් ලබා ගත නොහැකි වී ඇති බැවින් , ඇය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

ටී.කේ.ජී. කපිල

0 comments

Leave a Reply

Post Comment