දමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.

අද දිනයේ තෛපොංගල් සමරන බැතිමතුන් ඔවුන්ගේ සිරිතට අනුව වසරේ ආරම්භය සිදුවන්නේ අද දිනයේ සිටය.

තෛපොංගල් උදාවේ උදෑසනම දමිළ බැතිමතුන් විසින් උක් ගසින් වට වූ මණ්ඩපයක කිරි උතුරවා අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද ප්‍රණීත කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන්ට සිදු කරන ලද සූර්ය දේව විශේෂ පූජාවක් සිදු කරනු ලබන අතර එම පූජාවෙන් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ මේ වසරේද තම කෙත් වතු සරු සාර වී පවුලේ සතුට ඉතිරේවා යන සිතුවිල්ලයි.

.

0 comments

Leave a Reply

Post Comment