කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.

මේවනවිට කොරෝනා වසංගතය හේතුවෙන් තායිලන්තයට සංචාරය සඳහා මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතාවයන් සහ අධ්‍යාපන කටයුතු වලට පැමිණ සිටින විශාල පිරිසක් ආපසු ශ්‍රී ලංකාවට යාමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව සිටින අතර බැංකොක් නගරයේ සියළුම ආපනශාලා සහ හෝටල්ද වසාදමා ඇති බැවින් ඔවුන්ට එදිනෙදා අවශ්‍ය ආහාරපාන සපයාගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටිති . 

එසේ අසීරුතාවයට පත්ව සිටින ශ්‍රී ලාකිකයන්ට තමන්ට හැකි උපරිමයෙන් නොමිළේ ආහාරපාන සපයා දීමට තීරණය කළ බවද තම ආපනශාලාවට පැමිණ අවශ්‍ය ආහාරපාන ලබා ගන්නා ලෙස එම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද මානෙල් ලංකා ශ්‍රී ලාංකීය ආපන ශාලාවේ හිමිකාර නිමල් ප්‍රනාන්දුපුල්ලේ මහතා සහ මානෙල් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූහ

පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා මෙසේ නොමිළේ ආහාරපාන ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවද  ප්‍රනාන්දුපුල්ලේ යුවළ පැවසූහ. මීගමුව කොච්චිකඩේ පදිංචි නිමල් මානෙල් යුවළ 2011 වසරේ සිට බැංකොක් නගරයේ මෙම ආපනශාලාව පවත්වාගෙන යන අතර මෙම ආපනශාලාව එරට සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය ස්ථානයකි.

ගීතාංජලී ප්‍රියදර්ශනී

0 comments

Leave a Reply

Post Comment