කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට සහ සංචාරක රියදුරන්ට දීමනාවක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට මැතිවරණ කොමිසම සිමා පනවා ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ  මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට එම දීමනාවෙන් රුපියල් 10,000 ක දීමනාවක් පමණක් මුලින් ගෙවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස්  දි ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අකර්මර්ණ්‍ය වී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පහුගිය මැයි 29 දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් සඳහා පිළිවෙලින් රුපියල් 20,000 ක හා 15,000 ක දීමනාවක් එක්වරක් පමණක් ගෙවිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  2020/07/19 දිනැති ලිපිය මගින් මෙම රුපියල් 20,000 හා 15,000 දීමනාව ගෙවීම අත්හිටුවා රුපියල් 10,000 ක මුදලක් පමණක් දැනට ලබා දීමට කටයුතු කරන්න යැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කර ඇති රුපියල් 10,000 දීමනාව ගෙවීමට වහා කටයුතු කරන ලෙස තමා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බවද ඔහු සදහන් කරයි. එහි ඉතිරි මුදල අගෝස්තු 10 වෙනිදායින් පසුව අදාළ සංචාරක මාර්ගෝපදේශකයන්ට හා සංචාරක රියදුරන්ට ලබාදීමට කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

1 comment

Dayan

03 years 08 months 24 days 17 hours 38 minutes 34 seconds ago

Yes. They wait till closer toelection to dffer packages.

Reply

Leave a Reply

Post Comment