saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

uncategorized - timelapse 862 hours ago

LATEST

මහකනදරාව වැව් බැම්ම අනතුරක

calendar_today 2025 ජුනි 29 - 18:13 remove_red_eye - 365  

කුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව, පස් කන්ඩි වැව තුලට කඩා වැටීම ආරම්භ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

Read More

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කීපයක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි ප්‍රථම මංගල ගුවන් යානය 06/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණුනි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.

Read More

ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.

Read More

ක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන නියගය හමාර කළේය.

Read More

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

කණ්ඩලම වැව ඉස්මත්තේ වසර ගණනාවක් තිස්සේ සැරි සරමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියාගේ දකුණු අතට වෙඩි වැදී සති කිහිපයක් තිස්සේ ඇවිද ගැනීමට නොහැකිව වැව් තාවුල්ලේ රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

22 වන වරටත් මෙවර, විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් පැවැත්වූ ’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තෙවැනි දිනය වූ අද (11දා), විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, වෙලද වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විවෘත කළ අයුරු.

Read More

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට තිබේ.

Read More

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද (10දා) පොසොන් පුර පසලොස්වක පොහෝදා තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන දිනය විවෘත කරනු ලැබීය.

Read More

දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි 08 වෙනිදා උදෑසන 9.00 ට පමණ දියණෑමට ගිය මවක ,දියණියක්, සහ අඹුසැමි යුවළක්, ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස්, තවත් වයස අවුරුදු දාහතරක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි

Read More

සිංහල සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මිය කළ සේවය අගයමින්ඩඇයට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි.

Read More

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේදැනට අනවසර ඉදිකිරීම් සිදුකර ඇති ස්ථාන 24 ක ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් 04 පෙරවරුවේ කටයුතු කර තිබේ. වෙරළ මත සහ වෙරළ ආසන්න ස්ථිර තුරුලතා තීරයේ සිට ගොඩබිමට මීටර් 10 ක සීමාව ඇතුළත පවතින සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කළ ඉදිකිරීම් සදහා අයත් විය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 - 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/04 දින උදෑසන සම්ප්‍රාප්ත විය .

Read More

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 වියැති පුද්ගලයෙකි.

Read More

තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ ⁣මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.

Read More

තායිලන්ත රූ රැජින ඔපල් සුචාටා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳිමට සමත්විය.‍ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී අවසන් විය.

Read More

මොනරාගල දිස්ත්‍රික්කය තුළ වගා කර ඇති වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්න ලැබී ඇතැයි ගොවීහු පවසති. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහම්බාන,තෙනගල්ලන්ද,ඉත්තෑකටුව ප්‍රදේශ වල පදිංචි ගොවීන් විශාල පිරිසක් කළුදියඇල්ල ප්‍රදේශයේ අක්කර දසදහසක පමණ වට්ටක්කා කර ඇති අතර මේ දින වල අස්වඅස්වැන්න නෙලමින් පවතී.

Read More

ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙලා - කාරක සභා සමාජික මන්ත්‍රීවරුන්

Read More

රිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණි

Read More

ලෝක සංරක්ෂණ තත්ත්ව කාණ්ඩයට අනුව අඩු අවධානයට ලක් වු බොර වන බකමුණා නොහොත් දුඹුරු කැලෑ බස්සා (Brown wood Owl- Strix leptogrammica) යන නමින් හඳුන්වනු ලබන දුර්ලභ බකමුණු පැටවෙකු ගෙවත්තක වැටී සිටියදී හමු වූ බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා පැවැසීය.

Read More

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කල පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ නිළධාරියෙකු පැවසීය.

Read More

මෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම 14දා සිදුවිය.

Read More

රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ ඔත්තේ කඩේ ආසන්නයේ දී වෑන් රථයක් අද (14) සවස ප්‍රපාතයට පෙරෙළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12කු තුවාල ලබා ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.

Read More

වැලිමඩ සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර ඩයරබා ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීයාමෙන් 30 ආසන්න පිරිසක් තුවාල ලබා මිරහවත්ත සහ වැලිමඩ රෝහලට ඇතුලත් කල බව වැලිමඩ පොලිසිය පවසයි .

Read More

එමිරේට්ස් ගුවන් සේවය වෙත අලුතින් එක් වූ නවීනතම ඒ.350 එයාර් බස් ගුවන් යානය 05/08 දින පස්වරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.