අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
“නොවැම්බර් 26 වෙනිදා රාත්‍රී අපේ පවුලේ දහදෙනා කෑම කාලා නින්දට ගියා.මමයි.මුණුපුරයි මිණිපිරියයි එක කාමරයක සිටියා.මගේ පුතායි,ගැබිනියක් වන පුතාගේ බිරිඳයි වෙන කාමරයක නිදා ගත්තා. අනෙක් අය සාලයේ නිදාගත්තා.මට එකවරම ගිඟුරුම් හඬක් ඇසී අවදි වුණා.ඒ සමඟම අපි පස් කන්දකට යටවුණා” යැයි මඩල්සිම බූටාවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් තුවාල ලබා දිවි බේරාගත් එම්.චන්ද්‍ර කාන්ති මහත්මිය පැවසුවාය.ඇය දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර පාදයකට බරපතළ හානි සිදුවී තිබේ.
මෙම නාය යැමෙන් එකම පවුලේ හය දෙනෙක මිය ගොස් ඇති අතර හතර දෙනකු තුවාල ලබා දිවි බේරා ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ හය දෙනා වන නිවුන් දරු ගැබිනියක් වන එම්.ශිව රංජනී (26),ටී.ඩිල්ෂිකා (19),ටී.පුලින්ද කාන්ති (27) සහ ඇගේ දරුවන් දෙදෙනා වන ආර්.සම්සිකා (10) සහ ආර්.සම්රිඩ් (02 ½).ටී.අම්බරානී යන හය දෙනාය.තුවාල ලබා දිවි බේරාගෙන ඇත්තේ ආර්.ත්‍යාගරාජ් (ගෘහ මුලිකයා),ජේ ශ්‍රීකාන්ත් (මියගිය ගැබිනියගේ ස්වාමි පුරුෂයා),දිල්රුක්ශිකා (දියණියක්),සහ ඉහත සිද්ධිය පවසන එම්.චන්ද්‍රකාන්ති යන සිව් දෙනායි.
වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.චන්ද්‍රකාන්තී මහත්මිය, "පස් කන්දට යට වීමෙන් මමයි,මහත්මයයි බොහොම අමාරුවෙන් එළියට ආවා.ඇවිත් කෑ ගැසුවා.එවිට අසල්වාසීන් ඇවිත් පස් කඳු වලට යටවී සිටි අය එළියට ගෙන මැටිගහතැන්න රෝහලට රැගෙන ගියා.එහිදී අපේ පවුලේ හය දෙනෙකු මිය ගියා.ඥාතීන් ඇතුළු සිව් දෙනෙකු දිවි බේරා ගත්තා.
පාදයට බරපතළ හානි සිදුවූ මම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යැව්වා.මගේ ස්වාමිපුරුෂයාටත් තුවාල සිදුවුණා.වාසනාවට මගේ බාල පුතාලා දෙන්නා හිටියේ කොළඹ.ඒ නිසා ඔවුන් දෙන්නා බේරුණා.අපට අවශ්‍ය උදව් උපකාර ලැබුණා.ආහාර පානත් ලැබෙනවා. නමුත් දරුවන් ඥාතීන් නැතිව ඇති වැඩක් නැහැ.ඉදිරියේදී වන්දි ලැබෙයි.නමුත් මියගිය අයගේ අඩුව පුරවා ගන්න බැහැ.මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා.
මියගිය ගැබිනියගේ ස්වාමිපුරුෂයා වන ජේ.ශ්‍රීකාන්ත මහතා,
,එදා රාත්‍රී මමයි බිරිඳයි එක කාමරයක නිදාගත්තා.මගේ බිරිඳට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබීමට සිටියා.එදින රාත්‍රියේ කෑම කාලා සතුටින් නින්දට ගියා.නමුත් මොනවා වුණාද කියා මම දන්නේ නැහැ.ගමේ කට්ටිය ඇවිල්ලා තමයි පස් ඉවත්කර අපිව ගොඩ ගත්තේ.ගැබිනියක් වූ මගේ බිරිඳ මියගියා.අපි දැන් ඉතාමත් අසරණ වේලා.වන්දි වශයෙන් කෝටි ගණනක් ලැබුණත් වැඩක් තියෙනවද මගේ බිරිඳයි,නංගිලා ඇතුළු අනෙක් අය නැතිව.
අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නාය නොයන ප්‍රදේශ නිවාස හදලා සියලු දෙනා පදිංචි කරන ලෙසයි.රජය ගැන අපට විශ්වාසයි.
සියලු මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු මැටිගහතැන්නේදී සියලු අයගේ සෝසුසම් මැද සිදුකළා.මෘත දේහයන් රැගෙ ඒමටවත් අපිට නිවසක් තිබුණේ නැහැ.එම නිසා පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකළා.රාජ්‍ය නිලධාරී අපට උදව් උපකාර කළා.ඉදිරියේදීත් කරන බවට පොරොන්දු වුණා.
මොණරාගල සුමනසිරි ගුණතිලක




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

