මේස පන්දු ඉහළම ජයග්‍රහණය ලබා ගත් ටාවි එයි
ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය වූ රන් පදක්කමක් සමග ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානය දිනා ගත් ටාවි සමරවීර 11/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ ටාවි සමරවීර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය .
මීට අමතරව ස්ලෝවෙකියාවේ සෙනෙක් නුවර සහ හංගේරියාවේ සොම්බත්ලේ නුවර පැවති මේස පන්දු තරගාවලි දෙකේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලෝක ශූර පෝලන්ත ජාතික ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමග ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ .
මෙම තරගාවලි තුන ඉකුත් 11/03 දින සිට 11/15 දින දක්වා ස්ලෝවෙකියා , ඉතාලිය සහ හංගේරියාවේ පවත්වා තිබුණි .
මෙම ජයග්රහණයන් රැගත් ටාවි සමරවීර 11/16 දින පස්වරු 01.45 ට සජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.- 9508 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහුගේ පියා හසිත සමරවීර මෙන්ම ඔහුගේ මව ද මේස පන්දු පුහුණුකරුවන් වන අතර , ටාවි සමරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , 2028 ඔලිම්පික් තරගාවලිය සදහා දකුණු ආසියාවේ ළාබාලතම මේස පන්දු ක්‍රීඩකයා ලෙස සහභාගී වීමට සැළසුම් කර තිබේ .
එසේම මෙම 2025 වසර තුළ ටාවි සමරවීර මේ වනවිට රන් පදක්කමක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් වශයෙන් ලෝක මට්ටමේ තරගාවලි වලදී පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් වී සිටින්නෙකි .
ටාවි සමරවීර තවමත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහු පිළිගැනීමට පාසැල් මිතුරන් රැසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

